June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු පනින එක නවතන්න පනතක් !

1 min read

පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුකළහොත් එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන පනත් කෙටුම්පත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

ඒ අනුව, ඉදිරි සති කීපය ඇතුළත මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කොට තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදීත්, මහ මැතිවරණ සමයේදීත් ආණ්ඩුව ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ දැනට මන්ත්‍රීවරුන් සතුව පවතින පක්ෂ මාරුකිරීමේ හැකියාව අහෝසි කිරීමට කටයුතු කරන බවකි.

මීට සති කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ආසන සංවිධායකවරයකුද වූ ඉරාන් වික්‍රමරත්න මහතාට ලබාදීමත් සමග මෙම පක්ෂ මාරුකිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නැවත වතාවක් සමාජය ඇතුළේ කතිකාවක් මතුවිය.

ඒ අනුව මේ වනවිට ආණ්ඩු පක්ෂය තීන්දු කර ඇත්තේ කඩිනමින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x