June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අල්ලස් කොමිෂමෙන් රාජ්‍ය සේවකයින් ට අවසන් දැනුම්දීමක්

1 min read

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වසරට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන ජුනි 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, 2026 වර්ෂය සඳහා වන වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙවර ඉදිරිපත් කළ යුත්තේ ඩිජිටල් ක්‍රමවේදය වන e-Assets Format ඔස්සේ පමණක් බවයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම ඩිජිටල් ක්‍රමය හඳුන්වා දී ඇති අතර, අතින් සම්පූර්ණ කරන ලද ප්‍රකාශ භාර නොගන්නා බවද කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

ජුනි මස අවසාන දිනවලදී පද්ධතියට විශාල පිරිසක් එකවර පිවිසීමෙන් ජාල තදබදයක් ඇතිවිය හැකි බැවින්, අවසන් මොහොත දක්වා ප්‍රමාද නොවී කල්තියා ලියාපදිංචි වී ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසද රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියමිත කාලසීමාව තුළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් වන අතර, දූෂණ විරෝධී පනත ප්‍රකාරව ජුනි 30 න් පසු ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයන්ට අධිභාරයකට යටත් වීමට සිදුවන බවද සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  බාාල ගල් අඟුරු නිසා අහිමි වන විදුලිය මෙ.වො. 180යි…. කැලණිතිස්ස ඩීසල් බලාගාරයේ මුළු ජනනය මෙ.වො. 150යි….!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x