June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ රටවලට ඉරානය අනතුරු අඟවයි!

1 min read

අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිලාභ සැලසෙන තෙල් නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය කිසි විටෙකත් ඉඩ නොදෙන බවට ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයෙන් අනතුරු අඟවා තිබේ.

ඉරාන සන්නද්ධ හමුදාවන්හි ඒකාබද්ධ සටන්කාමී අණදෙන මූලස්ථානය ලෙස මෙම මූලස්ථානය සැලෙකයෙි.

එහි ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆකරි පවසා ඇත්තේ, “අමෙරිකාව, ඊශ්‍රායලය සහ මිත්‍ර සන්ධානයේ රටවලට වාසිදායක වන කිසිදු ඉන්ධන ලීටරයක් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ.

ඊට අදාළ සෑම නෞකාවක්ම නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකනවා. ඉන්ධන බැරලයක් ඩොලර් 200ට මිලදී ගන්න ලැහැස්ති වෙන්න” යනුවෙන්ය.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මොසාඩ් බුද්ධි ඒජන්සියට ඔහු නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ, “ඔබ යුද්ධය ආරම්භ කරන්න, ඒක අවසන් වන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ අපි” යනුවෙන්ය.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x