June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවේ සංචාරයක

1 min read

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැයි 23 සිට 26 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ ඒ හරහා ඉන්දු – අමෙරිකානු ද්විපාර්ශ්වික සබඳතාවල ක්‍රමික ප්‍රගතියක් පෙන්නුම් කරන බවය.

මෙම සංචාරය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස එරට සිදු කරන පළමු සංචාරය බවත් වාර්තා වෙයි.

මෙම සංචාරයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බලශක්ති, වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි පැවසෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x