June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපි ප්‍රතික්ෂේප කළේ පාලකයන් පාසලේ දේශපාලනය කිරීම… මම ගියේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න…! – මාලිමා මන්ත්‍රී…

1 min read

තම පක්ෂය ප්‍රතික්ෂේප කළේ පාසල සහ දරුවන් සිය දේශපාලනය ප්‍රවර්ධනයට අවභාවිත කිරීමේ මජර සංස්කෘතිය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

පැය තුනකට අධික කාලයක් පාසලක අධ්‍යාපන කටයුතු නතර කර උත්සව පැවැත්වීම පිළිබඳ එම උත්සවය අවසානයේ මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මේ බව කීය.

ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා නායකත්වය දීම දේශපාලන අධිකාරියේ වගකීම බවද තමන් ඉටුකළේ එම වගකීම බවද චන්දන සූරියආරච්චි පෙන්වා දෙයි.

උත්සව වෙනුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නතර කළද සිය කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප දුන් බවත් එය නව දේශපාලන සංස්කෘතිය බවත් චන්දන සූරියආරච්චි අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x