July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනන්‍යතාව !

1 min read

මේ ඉන්නේ අපේ රටේ ගරු අගමැතිනිය ය. එසේ නොමැතිව බංගලාදේශයේ හෝ පකිස්ථානයේ අගමැතිනිය නොවේ ය.

පෞරාණික සහ මධ්‍යතන යුගයේ රාජ්‍ය නායකයා දේවත්වයේ සහ අසීමිත බලයේ සංකේතයක් විය. ඒ නිසා එකල රජු හෝ අධිරාජ්‍යයා තම ඇඳුම පැළඳුම හදාගත්තේ ඒ සංකේතාත්මක හැඟවුම ලැබෙන ලෙසය.

විසිවන සියවසේ දී ජාතිකවාදී අධිරාජ්‍යවිරෝධී නිදහස් අරගල මතුවීමත් සමඟ රාජ්‍ය නායකයින්ගේ ඇඳුම් පැළඳුම් විප්ලවීය වෙනසකට භාජනය විය. ජනතාවගෙන් උසස්යැයි පෙනෙන ඇඳුම් අතහැර රාජ්‍ය නායකයින් පොදු ජනතාවට සමීප වියහැකි සරල ඇඳුම් තෝරාගත්තේ ඒ අනුව ය.

රාජ්‍ය නායකයකුගේ හෝ සමාජ නායකයකුගේ ඇඳුම බලවත් සංකේතයකි. බ්‍රිතාන්‍ය රෙදිපිළි වර්ජනය කර, තමන්ම නූල් කටින ලද සරල “දෝතිය” පමණක් මහත්මා ගාන්ධි පැලඳසිටියේ සටනේම සංකේතයක් ලෙසය. එය මිලියන ගණනක ඉන්දියානු දුප්පත් ජනතාවගේ සහ ස්වදේශික අභිමානයේ සංකේතය වූවාය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ වැන්නන්, දේශීය සුදු ජාතික ඇඳුම ඇන්ඳේ ද තම දේශපාලන අනන්‍යතාව සංකේතවත් කරුනු පිණිස ය.

බටහිර නිල ඇඳුම වර්තමාන ලෝක නායකයින් බහුතරයක් අඳින්නේ එමගින් වෘත්තීයභාවය, ස්ථාවරභාවය සහ නූතනත්වය ලොවට විදහා දක්වන නිසාය. වෙනත් රටවල සංචාරය කරන විට එම තමන්ගේ රටවල සාම්ප්‍රදායික ඇඳුම් ඇඳීම හෝ එම වර්ණ භාවිතා කිරීම හරහා ශක්තිමත් කෙරෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා අන්‍යෝන්‍ය ගරුත්වය ය.

ජනප්‍රිය පුවත්  පටේ පට්ට !

ඓතිහාසිකව ගත් කල රාජ්‍ය නායකයකුගේ බාහිර ස්වරූපය යනු, හුදෙක් සිරුර වැසීමට ගන්නා උපක්‍රමයක් නොවේ. එය පාලකයා හා පාලිතයා අතර පවතින සන්නිවේදනය තීරණය කරන, රාජ්‍යයක ස්වෛරීභාවය සහ අභිමානය ලොවට කියාපාන, දේශපාලන බලය තහවුරු කරන ප්‍රබල දේශපාලන මෙවලමක් ය.

එහෙත් දැන් මෙසිරිලක පාලනය කරන්නේ තම අනන්‍යතාවයට වෛර කරන පිරිසක් ය. ජනාධිපති අනුර වසන් කරන්නේ තම පවුල ය. එනම්, පවුල පිළිබඳ අනන්‍යතාව ය. වර්තමාන ලංකාවේ “ජනමනයා” රටේ පළමු රට වැසි කාන්තාව කවුදැයි දන්නේ නැත. ඒ හේතුව මත, පොංගල්, රාමසාන්, හජ් හා නත්තල් ප්‍රසිද්දියේ සමරණ ජනාධිපති සිංහල අළුත් අවුරුද්ද සමරන්නේ නැත. එදාට ඒකා ඉන්නේ හැංගිලා ය.

මේ ඡායාරූපයේ ඉන්නේ ජනාධිපතිටම හරියන අගමැතිනිය ය. ඇයගේ උප්පැන්න සහතිකයේ පියා යනුවෙන් සඳහන් වන්නේ ඩී.එල්. අමරසූරිය ය. ඇත්තටම හරිනිගේ මව වන්නේ අමරසූරිය වලව්වේ ජීවත් වූ සේවිකාවක් ය. ඩී.එල්. අමරසූරිය හොඳ බෞද්ධයකු වූ නිසා, ඔහුට දාව ඉපදුණු හරිනි අමරසූරිය හදා වඩා ගත්තා පමණක් නොව, පියා ලෙස තම නම ද ලබා දුන්නේ ය. ඒ කෙසේවෙතත්, මේ හරිනිට, තමා හැදී වැඩුණු පවුලේ ඩී.එල්. අමරසූරියගේ බිරිඳගේ ඇත්ත දරුවන් සහ සේවිකාවට ලැබුන දරුවා අතර ගැටුමට, පීඩනයට මුහුණ දෙන්නට වූවාය. උපත වලව්වේ වුනත් හරිනි හැදුණේ වැඩුණේ මේ “ඇරියස්” සමගින් ය.

ජනප්‍රිය පුවත්  භව තරණය

මේ නිසා හරිනි ඉන්නේ, අනන්‍යතා අර්බුදයක ය. තමාගේ වටිනාකම්, විශ්වාසයන් රුචිකත්වයන් පිළිබඳව නිතරම ප්‍රශ්න කිරීමක ය. තමා කවුද ? තමාගේ ජීවිතයේ අරමුණ කුමක්ද ? සමාජය තුල තමාට හිමි ස්ථානය කුමක්ද ? යනාදිය පිළිබඳ දැඩි ලැජ්ජාවක්, සැකයක් හෝ ව්‍යාකූලත්වයක් ඇති උදවිය අනන්‍යතා අර්බුදයක සිටින බව මුල්වරට කීවේ මනෝ විද්‍යාඥ එරික් එරික්සන් ය.

මේ නිිසා හරිනිට, අගමැතිනිය ලෙස විදේශ සංචාරයක නියැලෙන විට කොණ්ඩය යකාට ගියාට වගේ වගක් නැත. ඇඳුම පකිස්ථාන වූවාට අදාලම නැත. පෙනුම මංඤ්ඤාං වූවාට, මෙලෝ අවුලක් නැත.

ඇයගේ ජනාධිපති අනුර කුමාරටද එසේම ය. කමිසය රස්තියාදුකාර වූවාට ඔහුට ප්‍රශ්නයක් නැත. බොත්තම් වැරදියට ඇමිනුනාට වගේ වගක් නැත. මේ වූ කලී අනන්‍යතා අර්බුදයක දිවි ගෙවනවුන්ගේ මනස ය.

අනන්‍යතා අර්බුදයක සිටිනවුන් පාලන බලය ගත් විට මුලින්ම ගහන්නේ, රාජ්‍යයට ඇති පිලිගත් අනන්‍යතාවට ය. ඒකට ගහන එක එවැන්නවුන්ගේ විනෝදාස්වාදය වන්නේ ය. දැන් වෙන්නේ ඒ ටිකය. තවමත් ඒ ටික නොතේරෙන වුන්ට කාදිනල්තුමාගේම පිහිට ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x