July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආර්ථිකය මරණ 3 ක් මැද ! විශේෂ අණාවරණය

1 min read

ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ තියුණු හා රළු කඩාවැටීමක අභියස බව Lanka Underground News ඉතා වගකීමෙන් යුතුව වාර්තා කර සිටී. මේ අනතුරුදායක තත්ත්වය වටහාගෙන වහාම ගතහැකි පියවර නොගතහොත් යළි පහසුවෙන් නැගී සිටීමට නොහැකි අන්දමේ කඩාවැටීමට ජන සමාජයත් ආර්ථිකයත් ලක්වනු ඇතැයි අපගේ අනතුරු හැඟවීම වේ.

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය මේ වනවිට ඇ.ඩො. මිලියන 6,450 (ඩොලර් බිලියන් 6.45) දක්වා පහත වැටී තිබේ. එය මැයි මාසයේ පැවැති ඩොලර් මිලියන 6,881 ක සංචිතය හා සසඳන විට ජුනි මාසය තුළ දී 6.3% ක (ඩො.මි. 431 ක) පහත වැටීමකි.

මෙම පහත වැටීම සිදුව ඇත්තේ, විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,254 දක්වා 6.1% කින් ද, රත්‍රන් සංචිතය ඩොලර් මිලියන 191 දක්වා 11.7 කින් ද ආදී ලෙසිනි. ඩොලර් බිලියන 1.4 ක චීන මහජන බැංකු හුවමාරු පහසුකම භාවිතාකිරීම කොන්දේසිවලට යටත් කර ඇති නිසා තවදුරටත් එසේම පවතී.

මේ අතර ඉදිරි කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.0 ත් 1.2 ත් අතර බාහිර (විදේශ) ණය සහ පොලී වගකීම් ප්‍රමාණයක් සේවාකරණය (Debt Servicing) කිරීමට ද සිදුවී තිබේ. ඒ සඳහා ද වැයවනු ඇත්තේ දැනට පවතින ඩොලර් බිලියන 6.45 ක විදේශ සංචිත වලිනි.

රුපියලේ අගය තවදුරටත් පහතවැටීම වැළැක්වීම සඳහා මහබැංකුව මෙම සංචිතය සතු මුදල් වෙළඳපොලට මුදාහැරියහොත්, තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත. මේ වනවිට පසුගිය ජුනි මාසය තුළ විදේශ සේවක ප්‍රේෂණ ආදායම ඊට පෙර මාස කිහිපයට සාපේක්ෂව අඩු වී තිබේ.

ජනප්‍රිය පුවත්  භාණ්ඩාගාරය හිස්වන ලකුණු! මෙන්න ඇත්ත!

එහෙත් මේ වන විට මෙරට ආනයන වියදම විශාල ලෙස ඉහල යමින් තිබේ. නිල දත්ත අනුව මෙරට ආනයන වියදම ඉහල යාම නිසා වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 4.7 දක්වා ඉහල ගොස් ඇත. මැදපෙරදිග පවත්නා අර්බුදය මත හා වැඩි මිලට ඉන්ධන මිල දී ගැනීම මත මෙරට ඉන්ධන ආනයන වියදම 112% කින් (ඩොලර් මිලියන 536 දක්වා) ඉහල ගොස් තිබේ.

එමෙන්ම, තරමක ඉහල යමින් තිබූ අපනයන ආදායම පසුගිය ජුනි මාසයේ සිට නැවත පහතවැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. පසුගිය මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 1,012 ක ආදායමට සාපේක්ෂව ජුනි මාසයේ දී 2.6% ක පහත වැටීමක් සිදුව ඇත. බොහෝ ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඉදිරියේ දී එය තවත් අඩුවනු ඇති බවය.

මෙරට අපනයන ආදායමේ ප්‍රධාන අංශය වනුයේ කාර්මික අපනයනය යි. ඇඟළුම් සහ රෙදිපිළි, රබර් නිෂ්පාදන සහ තෙල් පිරිපහදු නිෂ්පාදන ඒ අතර වේ. එමඟින් සමස්ත අපනයන ආදායමෙන් 78% ක් ආවරණය වේ.

කෘෂිකාර්මික අපනයන මගින් සමස්ත අපනයන ආදායමෙන් 21% ක් දායක වේ.

දැනටම රට තුළ වර්ධනය වී තිබෙන පොහොර හිඟය අපනයන බෝග නිෂ්පාදනය බිඳවැටීම කෙරෙහි බලපා තිබේ. එල්නිනෝ තත්ත්වය ද ඒ කෙරෙහි බලපානු ඇත්තේ හානිකරව ය.

ශ්‍රී ලංකාවේ මාසික පොහොර ආනයනික වියදම ද මේ වනවිට 213.6% කින් ඉහල ගොස් ඇත. පසුගිය වසරේ (2025) ජූනි මාසයට සාපේක්ෂව පොහොර ආනයනය සඳහා (එහි දී වැය වී ඇත්තේ ඩො.මි. 12.7 කි) මේ වනවිට ඇමරිකානුු ඩොලර් මිලියන 300 කට වඩා වැඩි මුදලක් වසරකට වැයකරනු ලබයි. ගෝලීය වශයෙන් යූරියා ඇතුළු රසායනික පොහොර 31% කින් මේ වනවිට ඉහල ගොස් තිබේ. මැද පෙරදිග අර්බුදය තවදුර පැවතීම විසින් මේ මිල ඉහල යාම තවත් වර්ධනය වනු ඇත.

ජනප්‍රිය පුවත්  අගවිනිසුරු සූරසේන සූරපප්පාට අදියි!

මෙම තත්ත්වය ඉදිරියේ දී වාණිජ කෘෂි නිෂ්පාදන අපනයන ආදායම බිඳවැටීමට බෙහෙවින් බලපානු ඇතැයි සිතිය හැකිය.

අනෙක් අතට මෙරට සංචාරක ව්‍යාපාරය මගින් උපයන ආදායම ද ක්‍රමානුකූලව පහත වැටෙමින් තිබේ. පසුගිය වසරේ (2025) අදාල කාලසීමාවේ ලැබුණු ඩොලර් බිලියන 1.71 ක ආදායම හා සැසඳීමේ දී මේ වසරේ ජනවාරි හා ජූනි අතරතුර මෙරට සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති ආදායම 11.8% කින් පහත වැටී තිබේ.

තවමත් සහනදායි තත්ත්වයක පවතින්නේ විදෙස් ප්‍රේෂණ ගලා ඒමේ බරපතල අඩුවීමක් නොපෙන්වීමෙහි ය. බොහෝ දුරට නීත්‍යානුකූල මාර්ගයෙන් තම මුදල් එවීමට විදෙස්ගත ශ්‍රමිකයන් පෙළැඹීමත්, විදෙස්ගත ශ්‍රමිකයන් සංඛ්‍යාව නොනවත්වා වර්ධනයට ලක්වීමත් එයට බල පා ඇති ප්‍රධාන හේතුව වේ.

මෙම සමස්ත තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී පෙනෙන අනතුරුදායක තත්ත්වය සාරාංශගත කරගත හැක්කේ මෙසේය.

1. විදේශ වත්කම් සංචිතය බරපතළ පීඩනයකට ලක්ව ඇත.

2. ආනයනික වියදම තවදුරටත් විශාල ලෙස ඉහල යමින් තිබේ.

3. අපනයන ආදායම තවදුරටත් බිඳවැටීමේ සාධක වර්ධනය වී ඇත.

4. බාහිර ණය සේවාකරණයට යන වියදම දරාගත යුත්තේ ද විදේශ වත්කම් සංචිතය මගිනි.

5. එල්නිනෝ තත්ත්වය වර්ධනය වීමෙන් එය ද මෙම සමස්ත අවදානම ඉහල දැමීමට හේතු වේ.

ජනප්‍රිය පුවත්  ''සුදා'' නිහඬ වේ!

ඒ අනුව අපට පුරෝකථනය කළ හැකි වසරේ අග වන විට පැවතිය හැකි තත්ත්වය මෙබඳුය.

1. ආහාර නිෂ්පාදනය බිඳවැටීම (පොහොර අර්බුදය හා එල්නිනෝ තත්ත්වය හේතුකොටගෙන)

2. රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම.

3. අත්‍යවශ්‍ය ආනයනික වියදම් සඳහාවත් ප්‍රමාණවත් විදේශ විනිමය නොමැතිවීමේ අර්බුදයකට ශ්‍රී ලංකාව ගොදුරු වීම.

4. ලබන වසර (2027) සිට ශ්‍රී ලංකාව ගෙන තිබෙන විදේශ වාණිජ ණය (බැදුම්කර ණය) සේවාකරණයට දැනට බැඳී තිබුන ද, ඒ අනුව කටයුතු කිරීමට නොහැකි වීම.

5. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව පහතට ඇදවැටීම.

6. මේ හා සමගාමීව ඇතිවන සමාජ අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා ලබන වසරේ මැද භාගය වනවිට වර්ධනය වීම.

මේ දත්ත විශ්ලේෂණය ඔස්සේ අප දෙනු ලබන නිශ්චිත පුරෝකථනය යි. තවදුරටත් ආර්ථිකය හැකිලෙන, මුදල් සංසරණය සීමා කෙරෙන, ආර්ථිකයේ සෑම අංශයකම ආරම්භ කර ඇති ව්‍යාපෘති අත්හිටවීමට සිදුවන අඳුරු කාලපරිච්ඡේදයක් අප ඉදිරිපිට පවතී. මැද පෙරදිග අර්බුදය තවත් දිගුකාලීනව වර්ධනය වුවහොත්, මේ අඳුරු ඉරණම හිතනවාටත් වඩා කලින් අප කරා එළැඹීමට හැකිය.

ආණ්ඩුව මේ අවදානම ගැන කිසිඳු සලකාබැලීමකින් තොරව සිදුකරමින් ඇති පියවර මගින් තත්ත්වය තවත් බරපතල කරනු නිසැකය.

– විශේෂ අධ්‍යන අංශය Lanka Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x