July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ ඇමැතිට දෝස්මුරයක් !

1 min read

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ ඇමතිවරුන් වෙතින්, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරට බොහෝ විවේචන එල්ල වී ඇතැයි අපගේ ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මීගමුව සිරගෙදර තුළ පැනනැගුන සිරකරු කැරැල්ල පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, විෂයබාර අමාත්‍යවරයා ලෙස නිලධාරින්ට අවශ්‍ය මඟපෙන්වීම ලබානොදීම මෙම විවේචනයේ ප්‍රධාන කාරණාව වී තිබේ.

එමෙන්ම, නින්දෙන් ඇහැරුණ අයකු ලෙස කැරැල්ලෙන් පළමු දිනයෙන් පසුදා මාධ්‍යවේදීන් අමතා, තමන් තොරතුරු දන්නෙත් සමාජ මාධ්‍යයේ ගිය ඒවායැයි පැවසීම ඔහුගේ ඇති අපරිණතකම එලිපිට ප්‍රදර්ශනය කිරීමක් බවද එම විවේචනය එල්ල කරන්නන්ගේ ප්‍රධාන තර්කයක් වී ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රධාන පෙලේ නියෝජ්‍ය අමාත්‍යවරයකු, තම සමීප හිතවතකු සමග පවසා ඇත්තේ “ජනාධිපතිටත් කේන්ති ගිහිල්ලා ඉන්නෙ. අර බලන්නකො දෙන උත්තර. පිස්සෙක්නෙ මේකා.. බ්‍රහ් බ්‍රහ් ගානවා විතරයි. පට්ට ෆේල්” යනුවෙන් පවසා තිබේ.

ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම හර්ෂණ නානායක්කාර ඉලක්ක කරගෙන ගොඩනැගෙන විරෝධය මීටත් වඩා තීව් වනු ඇත්තේ විපක්ෂය විසින් මීගමුව සිරකරු කැරැල්ල පිළිබඳ සිදුවීම අරඹයා ආණ්ඩුවට එල්ල කරන පීඩනයේ ප්‍රමාණය මතය. ප්‍රබල බලපෑමක් එල්ල වුවහොත්, ජනාධිපතිවරයා ඉන්නේ හර්ෂණ නානායක්කාර අදාළ ඇමතිකමෙන් ඉවත්කිරීමට පවා එකඟ ස්ථාවරයක බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දේ.

  • ගයානි වීරසිරි –
ජනප්‍රිය පුවත්  ජනපති - සේනාධිපති යාළු කළේ කවුද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x