July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රේෂ්ඨාධිකරණයට අයේෂව උස්සන්න තීරණයක්!

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ දැනට තිබෙන පුරප්පාඩු 4 න් එකකට, දැනට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේනව පත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත සිදුකර ඇත්තේ කතෝලික පල්ලියේ ඉහළම ධූරය දරන්නකු විසින් බව ද වැඩිදුරටත් අප වෙත වාර්තා වී තිබේ.

ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන වසර 30 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස එම ආයතනයෙන් විශ්‍රාම ගෙන තිබේ. ඒ 2024 නොවැම්බර් මාසයේ දී ය. ජනාධිපති අනුර කුමාර ජනාධිපති කිරීමත් සමඟම ඇය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් බවට පත් කරන ලදී.

අප ඉහත දක්වා ඇති ඉල්ලීම ප්‍රකාරව ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තණතුරකට ඇය වහාම පත් කිරීමට ය. ඉහළ උසාවිවල විනිසුරන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 67 දක්වා දීර්ග කර ගැනීමට මහජන විරෝධය නොතකා ආණ්ඩුව කටයුතු කරනු ලැබුවහොත්, දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විශ්‍රාම යනු ඇත්තේ 2028 දෙසැම්බර් මුල දී ය. එම අවස්ථාවේ දී හිස්වන අගවිනිසුරු තණතුර සඳහා අයේෂා ජිනසේන මෙනවිය පත්කරගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.

ජනප්‍රිය පුවත්  විජයග්‍රහණයේ දිනයේ ජාතික කොඩිය එසැවීම තහනම් !

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් කලහොත්, ඉන් කෙටි කලකට පසු අගවිනිසුරු ධූරයට පත් කරන ලදහොත් අඩුම තරමින් වසර 5 – 7 ත් අතර කාලයක් එම ධූරයේ රැඳී සිටිනු ඇතැයි පැවසේ.

– විජය දනනාථ එදිරිසිංහ –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x