June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරුගේ කාලය දිගු නොකර වෙන උප්පරවැට්ටියකට ලෑස්ති වේ !

1 min read

වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙම වසරේ අග දී විශ්‍රාම යාමට නියමිත බැවින්, ඔහුගේ ඉල්ලීම පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 5 කින් දිගුකිරීමේ තීරණයක් මීට පෙර ජනාධිපතිවරයා විසින් ගෙන තිබිණි. නමුත් පහල උසාවිවල සේවයේ නියුතු විනිසුරන්ගේ බලවත් විරෝධය මත එම තීරණය හකුලාගැනීමට ජනාධිපතිවරයා පසුව තීරණය කර තිබේ.

මීට පෙර අප විසින් පල කරන ලද ප්‍රධාන පුවතක් මගින් අප අණාවරණය කළේ ආණ්ඩුව අස්ථාවර බැවින්, අතරමග වෙනත් පාලන තන්ත්‍රයක් පිහිටුවනු ලැබුවහොත් දෝෂාභියෝගයකට මුහුණ දීමට අගවිනිසුරුවරයාට සිදුවිය හැකි බැවින් ඔහු ද වසර 5 ක සේවා දිගුව අපේක්ෂා නොකරන තත්වයට පත්ව තිබෙන බවයි. එහෙත් ඒ වෙනුවට අගවිනිසුරුධූරය වෙනත් ආකාරයකින් තමාට අභිමත පරිදි හැසිරවිය හැකි ක්‍රමයක් මේ වන විට අගවිනිසුරුවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

එම සැලැස්ම බාරගත් ප්‍රීති පද්මන් සූරසේන විශ්‍රාම යාමෙන් හිස්වන අගවිනිසුරුධූරයට කිසිදු විනිසුරුවරයකු පත් නොකර, ප්‍රීති පද්මන් සූරසේනට අවශ්‍ය පරිදි නැටැවිය හැකි වැඩ බලන අගවිනිසුරුවරයකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන යාමයි. ඒ හරහා තමන්ට පෙර පරිදිම අධිකරණ පද්ධතිය හැසිරවිය හැකි බව අගවිනිසුරුවරයාගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  කුමාර ජයකොඩි ගැන තීරණයක් ගනු! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි!

මේ වන විට “ප්‍රොපට් ජෙරම්” හා ප්‍රමිෂ්කා පෙරේරා ද ජනාධිපතිවරයාව එම අදහසට නම්මා ගැනීමේ මෙහෙයුම අරඹා තිබේ.

පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා සිටියේ වත්මන් අගවිනිසුරුවරයා “මුඩිලියර්” කෙනෙකුගේ හිස මත අත තබා දෙවියන් වහන්සේට යාඥා කරනු ලබන වීඩියෝවක් දැක තමන් මවිතයට පත් වූ බවයි. සාමාන්‍යයෙන් රෝගී පුද්ගලයකුගේ හිස මත අත තබා යාඥා කරනුයේ ෆාස්ටර්වරයකු හෝ පියතුමෙකි. මෙම වීඩියෝව මගින් සනාථ වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන බ්‍රෝන් අගේන් ඇදහිලිවන්තයකු නොව, එම ආගමික නිකායේ ෆාස්ටර්වරයකු බවට පත්ව ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙම කරුණ විවෘතව ප්‍රකාශ කර සිටියේ, භික්ෂුවක් හෝ මවුලවි කෙනෙකු හෝ පියතුමකු හෝ විනිශ්ච්‍ය අසුනේ වාඩි වුවහොත් අන්‍ය ආගමිකයකුට සාධාරණය යුක්තිය බලාපොරොත්තු විය හැකි ද යන ප්‍රශ්ණය ද මතු කරමිණ.

  • ටියුඩර් ගජධීර –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x