July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගමැති හරිනිට සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයෙන් විරෝධයක් !

1 min read

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වීමට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පළ කර තිබේ.

2026.07.04 දිනැතිව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රුසිරු රුවන්තගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මඟින් ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන ආකාරයට, සබරගමුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා ගැනීම සහ එහි අඩුපාඩු සම්පූර්ණ කරවා ගැනීම වෙනුවෙන් සිසුන් වසර ගණනාවක් තිස්සේ මර්දනයන්ට හා සිරගත කිරීම්වලට මුහුණ දෙමින් අඛණ්ඩව අරගල කර තිබේ. වරින් වර බලයට පත් වූ පාලකයින්ගේ නොසැලකිල්ල හමුවේ සවුදි අරාබි රජයේ ණය ආධාර මත මෙම නව වෛද්‍ය පීඨය ඉදි කරවා ගැනීමට හැකි වූයේ ද සිසුන්ගේ බලපෑම හා ජයග්‍රහණයක් හේතුවෙන් බව ඔවුහු පෙන්වා දෙති.

සිසුන්ගේ ලේ, කඳුළු සහ කැපකිරීම් මත ගොඩනැඟුණු වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයට, දේශපාලන බලවේග සම්බන්ධ කරගනිමින් අග්‍රාමාත්‍යවරිය සහභාගී වීම පිළිබඳව සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස තමන් එදත් අදත් එක ලෙස විරෝධය පළ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන සැපයූූ විදේශීය ආයතනයක් ඉවත් වෙයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x