May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

NPP මන්ත්‍රී කෝසල නුවන්ව මරා දැමුවාද?

1 min read

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටි කෝසල නුවන් ජයවීර මියගියේ පසුගිය 2025 වසරේ අප්‍රේල් 06 වැනිදාය. මිය යන විට ඔහුගේ වයස අවු. 38 කි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තේරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඔහුගේ මරණය ගැන එකල සමාජගත කෙරුණේ හෘදයාබාධයකින් මරණයට ලක් වූ බවය.

කෙසේ වෙතත්, කෝසල නුවන් ජයවීර මහතාගේ මරණ පරීක්ෂණය සිදු කළ අවිස්සාවේල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිකුත් කර තිබෙන මරණ පරීක්ෂණ වාර්තාවේ හෘදයාබාධයක් පිළිබඳ කිසිදු සටහනක් දක්වා නැත. ඒ වෙනුවට එහි සටහනේ තබා ඇත්තේ රුධිර වහනය, කශේරුකා ධමනියෙහි කම්පන සහගත කැඩීම යනුවෙනි.

1a.Subarachnoid haemorrhage

1b.Traumatic rupture of the vertebral artery

2.Intracranial tumour and coronory artery athelesclerosis

( ඉංග්‍රිසියෙන් එහි දක්වා ඇති නිගමන)

එම මරණ වාර්තාව අනුව කශේරුකා ධමනියෙහි කම්පා සහගත කැඩීමක් සහ රුධිර වහනය විය හැක්කේ පිටුපසින් සිට එල්ල කරන ලද බරපතළ පහර දීමක් නිසා හෝ ඉහළ ස්ථානයක සිට බිමට ඇද වැටීමෙන් හෝ විය යුතුය. නමුත් ඉහළ ස්ථානයක සිට බිමට ඇද වැටීමෙන් මෙය සිදුවී ඇත්නම් වෙනත් තුවාල ඇති වී තිබිය යුතුය.

ජනප්‍රිය පුවත්  මාලිමාව පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ගංජා හේනක් වටලයි! මල් පැල නෙවෙයි, ගංජා පැල!

මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් නම සඳහන් කිරීමට අකමැති විශ්‍රාමික හා ප්‍රවීණ රජයේ මරණ පරික්ෂකවරයෙකු කියා සිටියේ කශේරුකා ධමනයෙහි කම්පන සහගත කැඩීමකට හේතුවිය හැක්කේ යකඩ පොල්ලක් වැනි දෙයකින් පිටුපස සිට පහර දීමක් බවයි.

මේ අතර එම මන්ත්‍රීවරයාගේ මරණය සිදුවීමෙන් පසුව වත්මන් පරිසර අමාත්‍ය හා ජ.වි.පෙ. කෑගල්ල දිස්ත්‍රික් නායක වෛද්‍ය ධම්මික පටබැඳී එකල සිදු කරන ලද ප්‍රකාශයකින් කියවුනේද හෘදයාබාධයක් නිසා කෝසල මන්ත්‍රීවරයා මියගිය බවය. මේ සමඟ අප දක්වන BBC NEWS සිංහල වෙබ් අඩවියේ සඳහන්ව ඇති වාර්තාවෙහි සඳහන්ව ඇත්තේද කෝසලගේ මරණය ගැන අමාත්‍ය ධම්මික පටබැඳිගේ ඉහත දැක්වූ ප්‍රකාශයයි.

“අඝාත තත්වයක් (Stroke) හේතුවෙන් කෝසල නුවන් මන්ත්‍රීවරයා මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි බීබීසී සිංහල සේවය වෙත පැවසීය”

මේ සමග අප දක්වා ඇති මරණ වාර්තාවේ අඝාත තත්වයක් ගැන කිසිවක් සඳහන්ව නැත. එසේ තිබියදී වෛද්‍ය ධම්මික පටබැඳී මරණ වාර්තාවේ සඳහන්ව ඇතැයි කියමින් කෝසල නුවන්ගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස හුවා දක්වා තිබෙන්නේ කුමන හේතුවක් මතද?

ජනප්‍රිය පුවත්  ජනාධිපති අනුර ජ.වි.පෙ. අත හරී!

මේ ගැන සුවිශේෂ විමර්ශනයක නිරත වූ අපගේ ගවේෂණ කණ්ඩායම විසින් අණාවරණය කරගෙන ඇත්තේ ඉතා බරපතල කරුණු ගණනාවකි. එමගින් කෝසල නුවන් මන්ත්‍රීවරයාගේ මරණය හා බැඳුණු පසුබිම සොයාගත හැකි වී තිබේ.

කෝසල නුවන් මන්ත්‍රීවරයා සහ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර බහින්බස්වීමක් සිදුවී තිබේ. ඒ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී ටික දිනකට පසුවය. එම බහින්බස්වීමට හේතු වී ඇත්තේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයාගේ පෞද්ගලික ජීවිතය සමඟ බැඳුණු කරුණකිි. එම සිදුවීමෙන් අනතුරුව ජ.වි.පෙ. දැඩි මතදාරීන් විසින් කෝසල නුවන්ව නොසලකා හැරීමට ලක් කර තිබේ. මේ පිළිබඳ ඔහු තම සමීපතම මිතුරකු සමග ප්‍රකාශ කර තිබේ. අවසාන කාලය වන විට, කෝසල නුවන් දැන සිටි ටිල්වින් සිල්වාට අදාළ පුද්ගලික කාරණාය ඔහු කෑගල්ල දිස්ත්‍රික් ජ.වි.පෙ. සාමාජිකයන් වෙත පැවසීමට පටන්ගෙන ඇත. මෙම මරණය සිදුව ඇත්තේ ඒ අතරතුරය.

වෛද්‍ය ධම්මික පටබැඳි ඉතා දැඩිව හා භක්තිමත් ජ.වි.පෙ. ක්‍රියාකරුවෙකි. සිය පක්ෂයේ ප්‍රධාන ලේකම් විසින් පවරනු ලබන ඕනෑම කාර්යයක් දෙවතාවක් නොසිතා සිදු කිරීමට ඔහු පැකිලෙන්නේ නැත. මෙම තොරතුරු හා මෙම මරණය අතර දැඩි සම්බන්ධයක් පවතින බව අපගේ ගවේෂණ කණ්ඩායම් නිගමනය වේ. කෝසල නුවන් කෙරෙහි කෝපයට පත් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා, සිය විශ්වාසී සාමාජිකයකු මගින් මෙම පහරදීම සිදු කොට ඔහු මරා දමා තිබෙන බව එම නිගමනයයි.

ජනප්‍රිය පුවත්  මහින්ද විජේරාමෙට සමුදෙයි!

ආණ්ඩු බලය ලද වහාම මෙම සිදුවීම වූ නිසා තමන්ට අභිමත අයුරින් සිද්ධිය යට ගැසීමට ජ.වි.පෙ. ක්‍රියා කර තිබේ. ඒ නිසාම, මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව නැති ” අඝාත ” තත්වයක් පිළිබඳ කියම්න් සිද්ධිය යටකර තිබේ. මෙම මරණ පරීක්ෂණ වාර්තාව කෝසලගේ පවු‍ලේ සාමාජිකයන් අතට පත්වීම පවා ජ.වි.පෙ. විසින් වළකා තිබේ.

  • විශේෂ වාර්තාකරුවකු විසිනි –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x