May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු කොමිෂමේ වාර්තාව මාස තුනකින් එනවා. එතකොට අපි ඒ චෝදනාවෙන් නිදහස් – ටිල්වින්

1 min read

ගල් අඟුරු ආනයනයේදී ඇතැම් තොග ප්‍රමිතියෙන් බාල වීම කවදාත් සිදුවූ සාමාන්‍ය දෙයක් බවත්, වත්මන් ආණ්ඩුවේ කිසිවකු ගල් අඟුරු වංචාවක් කර නැතැයි තමන් ලෙයින් සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ පෙරේදා (01) මාතරදී පැවති ජා.ජ.බ. මැයි රැළියක් අමතමිනි.

ඔය ගල් අඟුරු හොරකමක් ගැන කෑගහනවානෙ. ඊට කලින් කන්ටේනර් 323ක් පැන්නුවා කියලා කිව්වා. මහා සද්දයක් තිබ්බා වරායෙන් කන්ටේනර් 323ක් පැන්නුවාය, ඒකෙ ආයුධ තිබ්බාය, අරක මේක තිබ්බාය කියලා කෑගැහුවා. අපි මොකද කළේ ? හැදුවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්, ඒකට විපක්ෂයේ කට්ටියත් දැම්මා. හොයපල්ලාකො දැන් ? දැන් සද්දෙ නෑ. ඊටපස්සෙ කෑගහන්න ගත්තා ගල් අඟුරු වංචාවක් වුණා කියලා. අපි ඔබට සහතික කරලා කියනවා, ගල් අඟුරු ගෙන්නුවාම ඒ ගල් අඟුරු ගෙන්නපුවා ප්‍රමිතියෙන් බාලවෙලා තියෙනවා සමහර නැව්. ඒක කවදත් වෙන වැඩක්. අපි සහතික කරලා කියනවා එතන කිසිම වංචාවක් නැහැ. අපි අපේ සහෝදරවරු ගැන ලෙයින් සහතික වෙනවා. අපේ ව්‍යාපාරෙ හොරකම් කරන කවුරුවක්වත් නෑ. වංචා කරන කවුරුවක්වත් නෑ. හැබැයි බොරුවට කෑගැහුවා. ඒකට මොකද කළේ ? කෑගහන් එන්නකො කියලා අනුර දිසානායක ජනාධිපති හැටියට විනිසුරුවරුන් තුන්දෙනෙක්ගෙන් – ශ්‍රේෂ්ඨාධිකරණයේ, ඇපිල් අධිකරණයේ සහ මහාධිකරණයේ තුන්දෙනෙක්ගෙන් – පූර්ණ අධිකරණ බලය සහිත කොමිෂමක් පත්කළා ගල් අඟුරු සම්බන්ධයෙන් හොයන්න කලින් ඉඳලා. දැන් ඉල්ලන් කාලා තියෙන්නෙ. මොකද ඇත්තටම කලින් කේස් තියෙනවා. දැන් වෙන්න යන්නෙ මොකක්ද ? අපට බොරු චෝදනා කරන්න ගියෙ එයාලා. තව මාස තුනකින් වාර්තාව එනවා. එතකොට අපි ඒ චෝදනාවෙන් නිදහස් වෙනවා. අපට චෝදනා කරපු අයට නඩු අහන්න වෙනවා, මොකද ඒගොල්ලන්ගෙ කාලෙ වැඩ වෙච්ච නිසා”

ජනප්‍රිය පුවත්  තරුණයකු උස්සා පොළොවේ ගැසූ ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x