April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

NDB හොරකමත් මාලිමාවන්ගෙ!

1 min read

ජාතික සංවර්ධන බැංකුව (NDB බැංකුව) විසින් එහි සේවකයින් කිහිපදෙනෙකු බාහිර පාර්ශ්වයන් සමඟ එක්ව කරන ලද වංචාවක් පිළිබඳව අනාවරණය කර ඇත. මුල් ඇස්තමේන්තුවලට අනුව එම වංචාවෙන් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 380 ක් පමණ විය හැකිය. දැනට සිදුවෙමින් පවතින පරීක්ෂණවල ප්‍රතිඵල මත පදනම්ව අවසාන අලාභය වැඩිවිය හැකි බවද අනාවරණය වී තිබේ.

නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් පීඑල්සී (NDB) ආයතනය තුළ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් කරුණු වාර්තා කර ඇත. මෙම වංචාව සඳහා මාලිමාවේ බැංකු වෘත්තීය සමිතියක සාමාජිකයින් පිරිසක් සහාය දී ඇති බව හෙළිදරව් වී තිබේ.

බැංකුවේ සේවකයින් පිරිසක් බාහිර පාර්ශ්වයන් සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති අතර බැංකුව අභ්‍යන්තරයේ මාලිමා සාමාජිකයන් හා බාහිර පාර්ශ්වයෙන්ද මාලිමා සාමාජිකයින් හවුල් වී ඇති බව හෙළිදරව් වී තිබේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් වෙත දැනටමත් පියවර ගෙන තිබේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

ජනප්‍රිය පුවත්  මැරෙන්න එපා! වඳින්නම්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x