April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Meta සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්

1 min read

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය පරිශීලකයින් නොමඟ යැවීම හේතුවෙන් Facebookසහ Instagram හිමිකාරීත්වය දරන Meta සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 375 ක වන්දියක් ගෙවන ලෙස අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් නියෝග කර තිබේ.

Meta සමාගමට අයත් වේදිකාවන් හරහා ළමුන් අනතුරට පත් කිරීම, ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශනවලට ඔවුන් නිරාවරණය කිරීම සහ ලිංගික අපරාධකරුවන් සමඟ සම්බන්ධ වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් එම සමාගම වගකිව යුතු බව ජූරි සභාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් මෙක්සිකෝවේ නීතිපතිවරයා පවසා ඇත්තේ, මෙය “ඓතිහාසික” ජයග්‍රහණයක් බවත්, ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාන්තයක් විසින් මෙටා සමාගමට එරෙහිව නඩු පවරා සාර්ථක වූ පළමු අවස්ථාව මෙය බවත්ය.

සති හතක් පුරා පැවති නඩු විභාගයේදී, මෙටා සමාගමේ අභ්‍යන්තර ලේඛන සහ හිටපු සේවකයින්ගේ සාක්ෂි ඉදිරිපත් කර තිබේ.

සමාගමේ හිටපු ඉංජිනේරු ප්‍රධානියෙකු වූ ආටුරෝ බෙජාර් සාක්ෂි දෙමින් පවසා ඇත්තේ, බාල වයස්කාර පරිශීලකයින්ට ලිංගිකමය අන්තර්ගතයන් නිර්දේශ වන ආකාරය තමා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වූ බවය.

ජනප්‍රිය පුවත්  පිටරට යනවා නම් සිරිමාවෝ මැතිණිය වගේ යන්න.. කොටපිටියේ රාහුල හිමිගෙන් හරිනිට උපදෙසක්!

ඔහුගේම කුඩා දියණියට පවා ඉන්ස්ටග්‍රෑම් හරහා නන්නාඳුනන පුද්ගලයෙකුගෙන් ලිංගික යෝජනාවක් ඉදිරිපත් වූ බව ඔහු අනාවරණය කර ඇත.

අභ්‍යන්තර පර්යේෂණවලට අනුව, එක් සතියක් තුළ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ගෙන් 16% ක් තමන්ට අනවශ්‍ය නිරුවත් දර්ශන හෝ ලිංගික ක්‍රියාකාරකම් දර්ශනය වූ බව වාර්තා කර ඇත.

මාර්ක් සකර්බර්ග්ගේ නායකත්වයෙන් යුත් මෙටා සමාගම මෙම තීන්දුවට එකඟ නොවන බවත්, ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර ඇත. “අපි අපේ වේදිකාවන් තුළ මිනිසුන් ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරනවා,” යැයි සමාගමේ ප්‍රකාශිකාවක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය කාලය තුළ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘Teen Accounts’ වැනි නව විශේෂාංග හඳුන්වා දුන් බව ද සමාගම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, නිව් මෙක්සිකෝ ප්‍රාන්තය චෝදනා කළේ මෙටා සමාගමේ ‘ඇල්ගොරිදම’ (Algorithms) හරහා ළමුන්ව ලිංගික දර්ශන සහ ලිංගික ජාවාරම්කරුවන් වෙත යොමු කරන බවය.

මෙම ඩොලර් මිලියන 375 ක දඩය නියම කර ඇත්තේ නිව් මෙක්සිකෝවේ අසාධාරණ වෙළෙඳ පිළිවෙත් පනත උල්ලංඝනය කිරීමේ අවස්ථා දහස් ගණනක් සැලකිල්ලට ගනිමින්, එක් උල්ලංඝනයකට උපරිම ඩොලර් 5,000 බැගිනි.

ජනප්‍රිය පුවත්  ත්‍රිකුණාමලයේ පන්සල කඩන්න පරිසරයෙන් නියෝග! හාමුදුරුවන්ට ''ඔබ" ලු!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x