June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

FIFA ලෝක කුසලානයට ගිය එංගලන්ත පාපන්දු කණ්ඩායමේ භාණ්ඩ සොරකම් කරලා

1 min read

පාපන්දු ලෝක කුසලානයට එක්වීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රැඳී සිටින එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සපත්තු ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා උපාංග ප්‍රවාහනය කරමින් ථිබු ලොරි රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන ඇත.

ෆ්ලොරිඩාවේ සංචිතයේ පූර්ව තරඟාවලි කඳවුරේ සිට මිසූරි හි ස්වෝප් පාපන්දු ගම්මානයේ ඔවුන්ගේ පුහුණු කඳවුරට උපකරණ ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම සොරකම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

නිල තරඟාවලි බෝල සහ පුහුණු උපකරණ සමඟ එංගලන්තයේ තරු ක්‍රීඩකයින්ට අයත් සපත්තු මෙලෙස සොරකම් කරන ලද භාණ්ඩ අතර ඇති බව වාර්තා වෙයි.

මෙම සොරකම පිළිබඳව ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x