තිරිගු පිටි මිල ඉහලට
1 min read
තිරිගු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි.
ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.
ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිගු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව මීට පෙර රුපියල් 220 ක්ව පැවැති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 ක් වෙයි.
