මේ රටේ අපට කවදාවත් ප්‍රශ්න තිබිලා නෑ. අපි හිගන්නෝ නෙමෙයි. අපි දුප්පත්කම දැකලත් නෑ.
1 min read
-ඇමති බිමල් රත්නායක-
තමන්ට මේ රටේ ජීවත්වීමේදී කිසිදු ප්‍රශ්ණයක් නොතිබූ බවත් දුප්පත්කම තමන් දැක නොමැති බවත් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
අපි මාවරමණ්ඩියේ හිටපු හිගන්නෝ නෙමෙයි. ඒ නිසා අපට පෞද්ගලිකව කවදාවත් පර්චස් හතරේ ගෙවල් වෙනුවට කෝටි පහේ ගෙවල් හදන්න ප්‍රශ්නයක් තිබුනේ නෑ.
මට මේ රටේ ජීවත් වෙද්දී කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ. නලින්ද මන්ත්‍රීතුමාට එහෙම අහේනිය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුනේ නෑ. අපි දුප්පත්කම දැකලා නෑ. අපට දුප්පත්කම අදාළත් නෑ.
ඇමති බිමල් රත්නායක මේ බව ප්‍රකාශ කලේ පසුගිය දා (26) පාර්#මේන්තුව අමතමිනි.
