April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දුම්රියපොළ නවීකරණයටත් කවුරුත් නෑ!

1 min read

ඊයේ (08) අපගේ ප්‍රධාන පුවත (ආරක්ෂාව අනතුරේ! මහජන උත්සව ගැන බියෙන්) මගින් අනාවරණය කරන ලද කරුණු සනාථ කරමින්, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවති කොටුව දුම්රියපොළ නවීකරණය ආරම්භ කිරීමේ උත්සවයට ද සාමාන්‍ය ජනතාව සම්බන්ධ වීම වළකා තිබුණි. ඒ වෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රතිසංස්කරණය සිදු කරන ආරක්ෂක හමුදා සාමාජිකයන්, ආණ්ඩුවේ දේශපාලනඥයන් ඇතුළු සුළු පිරිසක් එයට සහභාගී වී ඇත.

එසේම මාධ්‍ය ආයතනවලට ද එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ආරාධනා කර නොතිබුණි. ඊයේ අපගේ උක්ත ප්‍රධාන පුවත මගින් අනාවරණය කරන ලද පරිදි, මහජනයාගේ “හූ” හඬට හෝ වෙනත් වර්ගයේ විරෝධතාවන් ඇති විය හැකිය යන අනතුරු ඇඟවීම ඇතුළත් බුද්ධි වාර්තාව රජයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට ජ.වි.පෙ. ප්‍රධානීන් පියවර ගෙන ඇත.

ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිසිවකට මෙම අවස්ථාව ආවරණය කිරීමට ආරාධනා නොකිරීමට හේතුව වී ඇත්තේ, ඉහත දැක්වූ වර්ගයේ සිදුවීමක් වුවහොත් එය එම මාධ්‍ය හරහා ජනගත වීම වළක්වා ගත නොහැකි නිසාය.

පහතින් පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප ය.

ජනප්‍රිය පුවත්  ජලාශවල වේලි පහළින් නොඇර උඩින් ඇරලා! ජනාධිපතිගෙන් පරීක්ෂණයක්

සබැඳි පුවත

කුමුදුනී රවිනාථ

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x