September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිරුවත් පින්තූර ගෙන්වාගෙන කප්පම් ගන්නා ජාවාරමක්

1 min read

සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මහා පරිමාණයෙන් සංවිධානාත්මකව කෙරෙන කප්පම් ජාවාරමක් පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ජාවාරමේ ආරම්භක පියවර ලෙස ප්‍රථමයෙන් Instagram හරහා තරුණියකගේ රූපයක් සහිත ගිණුමකින් ‘Hi’ යනුවෙන් කෙටි පණිවුඩයක් යොමු කෙරේ. එම පණිවුඩයට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටින ජාවාරම්කරුවන්, දින කිහිපයකට පසු සංවාදයට පිවිසෙයි.

තරුණියකගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යොමු කරමින්, අනෙක් පාර්ශ්වයේ ද නිරුවත් ඡායාරූප හෝ වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් හරහා දර්ශන ලබාගැනීමට ඔවුන් පොළඹවා ගනියි. එම නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යවන බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ජාවාරම ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම වංචනිකයන් අදාළ පුද්ගලයන් ගොදුරු කරගැනීමට පෙර, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් සහ හිතවතුන් තම මිතුරු ලැයිස්තුවට එකතු කරගැනීමට පියවර ගෙන තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x