June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අස්වැසුම කියන්නේ නිර්වින්දනය කළ ඡන්ද – ආණ්ඩුව රැකගන්න දිගටම අස්වැසුම දෙන්න!

1 min read

අස්වැසුම සහනාධාරය තව කාලයක් හැකි නම් එහි මුදලද වැඩිකර පවත්වාගෙන යා යුතු බව ප්‍රවීණ මැටි භාණ්ඩ නිර්මාණ ශිල්පී අජිත් පෙරේරා පවසයි.

“වෙන කිසිවක් නිසා නොව…..අපද කරන්නේද දේශපාලනය වන බැවිනි…. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය බැවිනි…. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරනවා නම්….ඡන්ද පැවැත්විය යුතුම බැවිනි…

පොදුවේ අස්වැසුම ලබන ජනතාව යනු…දශක ගණනාවක් පුරාවට මේ රටේ පැවති දේශපාලනය විසින් සිය ඡන්ද පදනම වෙනුවෙන්ම හදාවඩා ගෙන පවත්වාගෙන ආ නිර්වින්දනය කරනලද…කායිකව නොවුනත් මානසිකව අංගවිකලකරන ලද ජන කොට්ඨාශයකි..

ඔවුන් දැන් හුස්මගන්නේ…අස්වැසුමෙනි… අස්වැසුම යනු ඔවුන්ගේ කෘතීම ස්වසන යන්ත්‍රයයි…එය ගැලව්වහොත්….මියයාමට තරම් හේතුවක් වෙනු ඇත..

අනෙක් අතට…පණ අදිමින් සිටින ආණ්ඩු විරෝධීන්ට….සේලයින් එකක් වනු ඇත… එනිසා මේ ජනවර්ගය මේ විදිහටම තව කාලයක් පවත්වාගෙන යායුතුය.. මේ ගොඩට අලුතෙන් එක්වීම පමණක් වළක්වාගත යුතුය…..අවම වසයෙන් වසර දහයක් යන තුරුවත්….

මේ මිනිසුන් නොවේ….ඡන්දය…. තම කාලකන්නි අවමනාවන් වෙනුවෙන්ම මනසින් විනාසකරනු ලැබු මිනිස් වගකි… අපි ඔවුන්ගේ යහපත වෙනුවෙන්ම මේ දේශපාලන වෙනස වෙනුවෙන්…වෙර යොදා වැඩකරමු…”

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

ජනප්‍රිය පුවත්  ධවල මන්දිරය අසල වෙඩි තැබීමක් එක් අයෙක් ජිවිතක්ෂයට

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x