සමාජ ප්‍රාග්ධනය දැක්කා ද?
1 min read
මෙහි ඉන්නේ වෙනින් කවුරුවත් නොවේ. අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු සභාපති වසන්ත සමරසිංහ ඇමැතිතුමා ය. ඒ එක්කම ඉන්නේ මෙරට ධන කුවේරයකු වූ ධම්මික පෙරේරා ය.
ධම්මිකගේ ආයතන බොහොමයක සේවක වෘත්තීය සමිතිය අයත් වූයේ වසන්තට ය. ඒවායේ කාර්මික සාමය පවත්වාගෙන යන අන්දම ධම්මිකට තේරුණේ තරමක කලක් ගත වන විට ය. අවශ්‍ය වන්නේ සේවකයන්ට කං හැන්දෙන් බෙදා වසන්තට සවලෙන් බෙදීම ය. ඒ අනුව ධම්මිකගේ ආයතනවල කාර්මික ආරවුල් පසු කලක ඇති වුණේම නැත.
වසන්ත සමරසිංහ ද උපන්නේ තඹුත්තේගම ය. ඔහු ද තඹුත්තේගම පිහිටි දුම්රිය නැවතුම්පොළේ තනි සිග්නල් කණුව යට සිටිය බව ඔහුම පවසා ඇත. දැන් වසන්තට කිසිවකින් හිඟයක් නැත. ධම්මිකලා සහ වසන්ත අද ගජ මිතුරෝ ය.
මුල් දවස්වල මුන්දැලා බොන මත්පැන් වර්ගය කුමක් දැයි ධම්මිකලාට වැටහුණේ නැත. දැන්නම් බොන්නේ ”සිංගල් මෝල්ට්” ය. කා බී ඇඳ පැලඳ සතුටින් ජීවිතය ගත කළාට අප ඉරිසියා කරන්නේ නැත. එහෙත් එදා කා බී සතුටින් ජීවත් වුණේ වෘත්තීය සමිති සේවකයාව ධම්මිකලාට පෙන්වා බය ගන්වා ය. අද එය කරන්නේ සියලු ගනු – දෙනු ධම්මිකලා සමඟ කරමින් ය.
ධනපති පක්ෂ ආණ්ඩු කරද්දීවත් ධම්මිකලා වැනි ධනපතියන්ට මෙහෙව් කෑදර ධනපති දේශපාලනඥයන් පිරිසක් මුණගැසී නැතිවාට සැක නැත. ඒ නිසා ධම්මික සිටින්නේ සතුටෙන්ය. බලන බලන ආයතනවල සභාපතිවෙලා ඉන්නේ ධම්මිකගේ මිනිස්සු ය. අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ඉන්නේ ධම්මිකගේ මිනිස්සු ය. ගල් අඟුරු ”ස්පොට් ටෙන්ඩරය” යන්නෙත් ධම්මිකගේ ”හේලීස්” එකටය. සුනිත්‍ය විදුලිය බලයේ ඒකාධිකාරය හදමින් ඇත්තෙත් ධම්මිකට ය. බලාගෙන ගියාම, 69 ලක්ෂය ඡන්දය දී ගෙඩිය කඩා දී ඇත්තේ ධම්මිකට ය.
ධම්මිකත් ලලිත් කොතලාවල වගේ ය. බදා නොගන්නා ව්‍යාපාරයක් නොමැති තරම් ය. ඕනෑම හුණ්ඩුවක් ධම්මිකට වටින්නේ ය. ඇදවැටී තිබූ ලාෆ්ස් ගෑස් සමාගමේ කොටස් හිමිකරගෙන එක රැයින් සමාගම ලාභ ලබන ”ගේම්” එක ගහන්නෙත් ධම්මික ය. වසන්ත පාර්ලිමේන්තුවේ ”කහ ගෑස්” වලට පාට් දැම්මාට ඒවා කයියට සීමා වනු මිස ක්‍රියාවට නැගෙන්නේ නැත. ඒ වූ කලී ධම්මිකගේ මොණර කොළේ හයිය ය.
මීට කලින් බලයේ සිටියවුන් ධන හාමතේ සිටියවුන් නොවේ. ඒ නිසා ඒ අය මෙලෙස ධම්මිකලා මත යැපුණේ නැත. ඒකටත් එක්ක දැන් ඉන්නේ කාලයක් තිස්සේ ධන හාමතේ හතේ හත වැදී සිටියවුන්ය. එනිසා, එවැන්නන් අතට බලය ගිය විට හිතනවාටත් වඩා වේගයෙන් බලය යන්නේ ධනය ඇති ස්ථානය කරා ය. බලය එලෙස ඇදී පැමිණ ඇති එක් ප්‍රමුඛ ධනස්ථානයක් වන්නේ ධම්මික ය.
ධම්මිකලාට පුංචි මොණර කොළ ටිකක් විසි කළ විට බලය ලොකු වැඩ කර දෙනු ලබන්නේ ය. ඒ පුංචි මොණර කොළවලට කියන්නේ ”සමාජ ප්‍රාග්ධනය” කියා ය.
රජයේ අවවාදය: කුණුහරුපයෙන් බැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර විය හැකිය
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
