April 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමැති ලාල්ගේ අලුත් ගේ හැදුවේ පරම්පරාවෙන් ආ දේපල විකුණලා! ඇමැති විජිත හේරත් කියයි!

1 min read

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ නිවස ඉදිකිරීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පල කළේය.

අදාළ නිවස ඉදිකර අවසන් කර ඇත්තේ ලාල්කාන්ත මහතා අමාත්‍ය ධුරයකට පත්වීමට පෙරය.

එම නිවස ඉදිකිරීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ පරම්පරාගත දේපළ මෙන්ම, මහනුවර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ බිරිඳට අයත් දේපළ විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන ඇත.

අමාත්‍ය වරප්‍රසාද හෝ වෙනත් අයථා ක්‍රමවේද භාවිතා කරමින් මෙම නිවස ඉදිකර නොමැති බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.

මෙම දේපළ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඕනෑම පාර්ශවයකට පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x