හිටපු විදේශ ඇමැති රනිල් බලන්න යයි!
1 min read
සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍යවරයකු මෙන්ම, ආසියාවේ දේශපාලනය, ලෝක දේශපාලනය මෙන්ම චීන – ඇමෙරිකානු සබඳතා ගැන දේශන පවත්වන කීර්තිමත් චින්තකයකු ද වන George Yong-Boon Yeo, සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට ගොස් තිබේ.
ඔහු තම සමාජ මාධ්‍ය ගිණුම මගින් ඒ බව ප්‍රසිද්ධ කර ඇත.
සිංහල අලුත් අවුරුද්දට පෙර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු මුලදී සූදානම් කර තිබුණේ අලුත් අවුරුද්දෙන් පසු පැමිණීමට ය.

රුවන් විජයසිරි
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
