වසරක් ඇතුළත පාලනය වෙනස් වෙනවා! තානාපති අංශ දෙකක් කියයි!
1 min read
විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම වන සමගි ජන බලවේගය නොවන විපක්ෂයේ පක්ෂයක ප්‍රධාන චරිත කිහිපයක් පසුගිය සතියේ ඉන්දීය සහ චීන තානාපතිවරු මුණගැසී තිබේ. ඉන්දීය තානාපතිවරයාගේ ආරාධනයෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වී ඇත්තේ ඉහත සඳහන් විපක්ෂයේ පක්ෂ ප්‍රධානියාටය. මෙම දිවා ආහාරය අතරතුර දෙපාර්ශවය අතර හුවමාරු වී ඇති මූලික අදහස් අනුව ඉන්දීය බලධාරීන්ගේ මතය පැහැදිලි වී තිබේ. ඒ අනුව ඉන්දියානු මතය වී ඇත්තේ වත්මන් ආණ්ඩුව ඉන්දියාවට හිතවාදී නමුත්, ඉදිරියේ එන අර්බුදකාරී තත්වය නිසි පරිදි කළමනාකරණය කිරීමේ හැකියාවක් ඊට නොමැති බවය. එබැවින්, උපරිම වසරක කාලයක් ඇතුළත මෙම පාලනය බිඳ වැටෙනු ඇති බව ද එහිදී අවධාරණය කරනු ලැබ තිබේ.
මෙම හමුවෙන් පසුව අදාළ විපක්ෂ පක්ෂයේ ප්‍රධානියා චීන තානාපතිවරයාට හා ඔහුගේ බිරිඳට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා කර තිබේ. එහිදී ද චීන තානාපතිවරයාගේ මතය වී ඇත්තේ අර්බුදය හමුවේ ආණ්ඩුව තව තවත් අසාර්ථක වනු ඇති බවත්, උපරිම වසරක කාලයක් තුළ එය බිඳ වැටෙනු ඇති බවත්ය. නමුත්, එවැනි තත්වයකට මුහුණ දීමට විපක්ෂයේ සූදානම ද ප්‍රමාණවත් යැයි තමන්ට නොපෙනෙන බව ද එහිදී අවධාරණය කර ඇත.
මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රධානීන්, එවැනි හදිසි තත්වයක් ඇති වුවහොත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නායකත්වය යටතේ වන දේශපාලන පෙරළියක් අපේක්ෂා කරන බව වාර්තා වේ. මේ දිනවල මිලින්ද මොරගොඩ, ජී.එල්. පීරිස්, නිමල් ලන්සා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් ඒ සඳහා කටයුතු කරමින් සිටී. මෙයට ආණ්ඩුවේ ද අනියම් සහයෝගය ලැබී තිබෙන බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරනු ලබයි.
පසුගිය දා CIDය විසින් මාකඳුරේ මදූෂ්ගේ මරණය පිළිබඳ නැවත පරීක්ෂණයක් සිදු කිරීමට පටන්ගෙන තිබෙන්නේ ද මෙම ව්‍යාපෘතියේම කොටසක් ලෙසය. මාකඳුරේ මදූෂ් මරණයට ලක්වීමට පෙර ඔහු පොලීසිය හමුවේ සිදුකර තිබෙන පාපෝච්චාරණයක් පොලීසිය විසින්ම පටිගත කර ඇත. එහිදී මදූෂ් සිදු කරනු ලබන දීර්ඝ පැහැදිලි කිරීමක, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. එම තොරතුරු අතර නිමල් ලන්සා හා ඔහුගේ සහෝදරයා සම්බන්ධ බරපතළ තොරතුරු රැසක් ද ඇතුළත්ව ඇතැයි අපගේ ආරංචි මාර්ග අනාවරණය කර තිබේ. CID ය විසින් මාකඳුරේ මදූෂ් ඝාතනය ගැන නැවත විමර්ශනය කිරීම අරඹා ඇත්තේ මෙම හඬ පටයට සවන් දීමෙන් අනතුරුව ය.
පසුව මෙම තොරතුරු හිටපු අමාත්‍ය නිමල් ලන්සා වෙත දැනගැන්වීමට සලස්වා ඇති ආණ්ඩුව, පසුව ඔහු තමන්ගේ දෙපා මුලට ගෙන ඒමට සමත් වී තිබේ. එහිදී ඇති වී ඇති එකඟතාව නම්, ඉදිරි තීරණාත්මක ජනාධිපතිවරණයකට මෙන්ම මහ මැතිවරණයකට ද විපක්ෂය වැඩි ප්‍රමාණයක බෙදීමකට ලක් කිරීම සඳහා නිමල් ලන්සා මෙහෙයුම බාරගත යුතු බවය. ඔහු ඒ සඳහා එකඟ වී තිබේ.
ඒ අනුව, ෂැංග්‍රිලා හි තිබෙන නිවාසයක් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහන නවාතැන බවට පත්කර තිබෙන නිමල් ලන්සා, ඔවුන්ට අවශ්‍ය මාසික වියදම, කෑම හා බීම යනාදිය සපයමින් චම්පික රණවකගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනුම සඳහා එම පුද්ගලයන් මෙහෙයවනු ලබමින් සිටිති. පසුගිය දා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී ‘‘ඒකාබද්ධ විපක්ෂය“ නමින් පැවැත් වූ සම්මන්ත්‍රණය ද චම්පික රණවක ඉස්මතු කිරීම පිණිස, මෙම කණ්ඩායම විසින් පවත්වනු ලැබ තිබෙන්නකි.
භානුක මීගස්තැන්න
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
