April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැදපෙරදිග කලාපයම දැවැන්ත අවදානමක! ඉරානයෙන් සහ හූතිවරුන්ගෙන් ලෝකයටම දරුණු අනතුරු ඇඟවීමක්!

1 min read

ඇමරිකානු ජනපතිවරයා විසින් ඊයේ දින සිදුකළ දැඩි අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර වශයෙන්, ඉරානය සහ ඔවුන්ගේ සහාය ලබන යේමනයේ හූති සංවිධානය මේ වනවිට මුළු මහත් මැදපෙරදිග කලාපයම කම්පනයට පත් කරන තීරණාත්මක අනතුරු ඇඟවීම් මාලාවක් නිකුත් කර තිබෙනවා.

තමන්ට දැනෙන වේදනාව සමස්ත මැදපෙරදිගටම දැනෙන්නට සලස්වන බවට ඉරානය කර ඇති ප්‍රකාශය, හුදෙක් හිස් තර්ජනයක් පමණක් නොවන බව යුද විශ්ලේෂකයින්ගේ මතයයි. මැදපෙරදිග කලාපයේ ජීවත්වන සහ රැකියාවල නිරත වන සියලුදෙනා මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම අතිශයින්ම වැදගත්.

මේ වනවිට ඔවුන් ප්‍රධානතම තර්ජන 4ක් නිකුත් කර තිබෙනවා

🔴 1. ගෝලීය වෙළඳාමේ ගෙල සිර කිරීම Bab el-Mandeb වැසීමේ තර්ජනය
තම රටට යම් හෝ ප්‍ර,හාරයක් එල්ල වන සැනින්, සූවස් ඇළට පිවිසෙන ප්‍රධාන දොරටුව වන බාබ් Bab el-Mandeb සමුද්‍ර සන්ධිය මුළුමනින්ම වසා දමන බවට හූති සංවිධානය නිවේදනය කර තිබෙනවා. රතු මුහුදේ පිහිටි මෙම තීරණාත්මක දොරටුව වැසීමෙන් ආසියාව සහ යුරෝපය අතර සිදුවන නාවික ගමනාගමනය අඩාල වී, ගෝලීය භාණ්ඩ සැපයුම් දාමය බිඳ වැටෙනු ඇත.

ජනප්‍රිය පුවත්  දිට්වා වන්දි ගෙවන්න බෑ: උපදෙස් අවුල්! ප්‍රාදේශීය ලේකම්වරු ඉහළට ලියයි

🔴 2. හෝමූස් සමුද්‍ර සන්ධිය සහ නාවික බිම්බෝම්බ
ලෝකයේ ඛනිජ තෙල් සැපයුමෙන් 20%කට වඩා ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳවද ඉරානය දැඩි තීරණයකට පැමිණ තිබෙනවා. තමන්ට සිදුවූ හානිවලට නිසි වන්දි ලබා දෙන තුරු සහ හෝමූස් සන්ධිය හරහා ගමන් කරන විදෙස් නෞකා වලින් ඉරානයට විශේෂ බද්දක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන තුරු එය කිසිසේත්ම විවෘත නොකරන බව ඔවුන් අවධාරණය කරනවා.
⚠️ ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, යම් හෙයකින් ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය තුළ මුහුදු බෝම්බ අතුරනු ලැබුවහොත්, එය නැවත ආරක්ෂිතව භාවිතයට ගැනීමට ඉතා දීර්ඝ කාලයක් ගතවනු ඇති බවයි.

🔴 3. කලාපයේ හදවත බඳු යටිතල පහසුකම් විනාශ කිරීම.
මැදපෙරදිග කලාපයේ රටවල් බහුතරයක් පානීය ජලය ලබාගන්නේ මුහුදු ජලය පිරිසිදු කරන මධ්‍යස්ථාන හරහායි. කලාපයේ පිහිටි සියලුම ප්‍රධාන ජල මධ්‍යස්ථාන සහ විදුලි බලාගාර තම ඍජු ඉලක්ක බවට පත්කර ගන්නා බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා. මෙය ක්‍රියාත්මක වුවහොත් දින කිහිපයක් ඇතුළත කලාපය පුරා දැවැන්ත මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇත.

ජනප්‍රිය පුවත්  පූජ්‍ය බලංගොඩ කස්සප හිමි මාරාන්තික උපවාසයක!

🔴 4. මැදපෙරදිග ප්‍රධාන පාලම් 8කට ක්ෂණික ප්‍ර,හාර එල්ල කිරීමේ තර්ජනය.
තම රටේ පාලම්වලට යලිත් යම් ප්‍ර,හාරයක් එල්ල වුවහොත්, ඊට ප්‍රතිචාර ලෙස පහත සඳහන් කලාපයේ ප්‍රධානතම පාලම් 8 ඉලක්ක කර ක්ෂණික ප්‍ර,හාර එල්ල කරන බවට ඔවුන් මීට දින දෙකකට පෙර නිල වශයෙන් අනතුරු අඟවා තිබුණා.

1️⃣ කුවේටයේ පිහිටි කිලෝමීටර් 36ක් දිගැති ෂෙයික් ජාබර් අල්-අහමඩ් අල්-සබා පාලම
2️⃣ සෞදි අරාබිය සහ බහරේනය යා කරන කිලෝමීටර් 25ක් දිගැති කිංග් ෆාඩ් පාලම
3️⃣ අබුඩාබි හි පිහිටි මීටර් 1,400ක් දිගැති ෂෙයික් කලීෆා පාලම
4️⃣ අබුඩාබි හි පිහිටි මීටර් 842ක් දිගැති ෂෙයික් සයිඩ් පාලම
5️⃣ අබුඩාබි හි පිහිටි මීටර් 300ක් දිගැති අල්-මක්තා පාලම
6️⃣ ජෝර්දානයේ අම්මාන් අගනුවර පිහිටි මීටර් 425ක් දිගැති ජෙසර් අබ්දූන් පාලම
7️⃣ ජෝර්දානය සහ බටහිර ඉවුර යා කරන මීටර් 120ක දිගින් යුත් දමියා ආදම් පාලම
8️⃣ ජෝර්දානයේ පිහිටි මීටර් 80ක් දිගැති අල්-නබි කිංග් හුසේන් පාලම

🌍 ලෝකයට සහ අපිට වෙන බලපෑම කුමක්ද?
මෙම තර්ජන ක්‍රියාත්මක වුවහොත් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල අහස උසට නැගීම වැලැක්විය නොහැකියි. එය ඍජුවම ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයට, ඉන්ධන මිලට සහ භාණ්ඩ මිලට දරුණු ලෙස බලපානු ඇත.

ජනප්‍රිය පුවත්  ධීවර සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි!

මේ වනවිට මැදපෙරදිග කලාපය පවතින්නේ වෙඩි බෙහෙත් ගබඩාවකට ගිනි කූරක් කිට්ටු කළා හා සමාන අවදානම් තත්ත්වයකයි. එම රටවල ජීවත්වන අපේ අය තමන්ගේ ආරක්ෂාව ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x