September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පල්ලේකැලේ සිරකඳවුරෙන් 2ක් පැනලා

1 min read

මහනුවර කුණ්ඩසාලේ පල්ලේකැලේ පොලිස් වසමේ පිහිටි පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවුවන් දෙදෙනකු 05 වැනිදා එම සිරකඳවුරෙන් පළා ගොස් ඇති බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස පළාගොස් ඇත්තේ මීගමුවේ පදිංචි, ගංජා මත්ද්‍රව්‍ය ජාවාරමකට සිරදඬුවම් විඳිමින් සිටි 53 හැවිරිදි රැඳවුවකු සහ ගෙවල් බිඳුම් සොරකම් සිද්ධියකට සිර දඬුවම් විඳිමින් සිටි කහටගස්දිගිලිය, පැරකුම්පුර පදිංචි 38 හැවිරිදි රැඳවුවෙක් බව පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ නිලධාරින් පොලිසියට වාර්තා කර තිබේ.

පළාගිය මෙම රැඳවුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිස් මූලස්ථානය සහ පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ පාලනාධිකාරිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x