April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප්ගේ පුතුන් ගල්ෆ් කලාපීය රටවලට ඩ්‍රෝන විකුණයි!

1 min read

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප්, ඉරාන ප්‍රහාරවලට මුහුණ දෙන ගල්ෆ් කලාපීය රටවලට ඩ්‍රෝන තාක්ෂණය අලෙවි කිරීමේ ව්‍යාපාරයකට එක්ව සිටිති. ෆ්ලොරිඩා ප්‍රාන්තය පදනම් කරගත් ‘Powerus’ නම් ඩ්‍රෝන සමාගම සමඟ ඔවුන් මෙලෙස අත්වැල් බැඳගෙන ඇත්තේ ඇමරිකානු – ඉරාන යුද්ධය උත්සන්න වී පවතින පසුබිමක වීම විශේෂත්වයකි.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ ඉරාන යුද්ධය හමුවේ මැදපෙරදිග රටවල් සිය ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු හමුදා සහාය මත දැඩිව විශ්වාසය තබා සිටිති. “ජනාධිපතිවරයා ලවා තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට නම් ඔහුගේ පුතුන්ගෙන් මෙම උපකරණ මිලදී ගත යුතු බවට ගල්ෆ් රටවලට විශාල පීඩනයක් එල්ල වනු ඇත” යනුවෙන් හිටපු ඇමරිකානු නිලධාරියෙකු වන රිචඩ් පේන්ටර් (Richard Painter) ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘Powerus’ සමාගමේ සම-නිර්මාතෘ බ්‍රෙට් වෙලිකොවිච් (Brett Velicovich) පවසන්නේ, ඉරාන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා නිර්මාණය කර ඇති ඩ්‍රෝන නාශක පද්ධති (Interceptor systems) මේ වන විට ගල්ෆ් රටවල් කිහිපයක ප්‍රදර්ශනය කරමින් පවතින බවයි. කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ආරම්භ වූ යුද්ධයකින් ජනාධිපතිවරයෙකුගේ පවුලේ සාමාජිකයින් මෙලෙස ලාභ ලැබීම පිළිබඳව ඇමරිකාව තුළ මේ වන විට දැඩි දේශපාලනික කතාබහක් නිර්මාණය වී තිබේ.

ජනප්‍රිය පුවත්  සුදාට ගෙල පිළිකාවක්!

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x