April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුනර්ජනනීය විදුලිය කෝ!

1 min read

අවුරුදු කීපයකට කලින් කිවුවනේද 70% පුනර්ජනනීය විදුලිය ඉලක්කයක් ගැන??
ඒ කාලේ ඒක බැහැ කියපු ඉංජිනේරුවොත් වගකියන්න ඕන විදුලි අර්බුදයට.
මේ තමයි අපිට අවශ්‍ය දේශීය/හෙළ චින්තනය.
පුනර්ජනනීය බලශක්තිය 100% ක් වෙනතුරු වැඩි කරන්න පුළුවන්.
මේ රට සම්පුර්ණයෙන් බලශක්තියෙන් ස්වයංපෝශිත රටක් කරන්න පුළුවන්.
සුද්දගේ සිලබස් එක පාඩම් කරපු වහල් කබ්බෝ ටික මානසිකව කරන මිත්‍යා මෙහෙයුම් නැවැත්විය යුතුයි.
මේ රටේ පිරිහීමට හේතුව සංස්කෘතියවත් නැකත් බැලීම වත් වෙන මොකක්වත් මිත්‍යාවක් නෙවෙයි – කලුසුද්දෝ හරහා ජනමතයට බලෙන් කවල තියන මේ පරගැති මානසිකත්වය සහ මිත්‍යා මත තමයි තමයි රට ගොඩගන්න බැරි හේතුව.
සූර්යපැනල වලින් දෙන ශක්තිය 20-30% ටවඩා වැඩි කලොත් පද්ධතිය අස්ථාවර වෙනව කියන්නේ මිත්‍යාවක්.
නිවැරදි , නිර්මානාත්මක ක්‍රම පාවිච්චි කලොත් 100%ක් පුනර්ජනනීය බලයෙන් සහ 0%ක් ඩොලර් (ගල් අඟුරු සහ තෙල්) පිච්චීමෙන් රට දුවන්න පුළුවන්.
ගෑස් පෝලිම් අවශ්‍යත් නැහැ
ඉතිරිවෙන දැවැන්ත ඩොලර් සංචිත වලින් ඉතිරි අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. මේ රට යා යුත්තේ එතනට.
බලශක්ති ආරක්ෂාව #1 ට දමා සියලුදෙනා වැඩ කල යුතුයි.
කොහොමද ගල් අඟුරු තෙල් (ඩොලර්) පුච්චන්නේ නැතුව රට දුවන්නේ?
සරලව කියන්නම්:

  • සූර්ය, biomass සහ සුළං ධාරිතාව 2-3 x peak-demand තරමට වැඩි කරනවා
  • බැටරි ෆාම්
  • අලුත් සංඛ්‍යාත ස්ථායිකරණ inverter තාක්ෂනය
  • දවල් වැඩිපුර සූර්ය බලයෙන් ජලාශවල ජලය ඉහලට පොම්පකිරීම
  • Grid-forming ඉන්වර්ටර් පාවිච්චිය ( Synthetic inertia/Frequency stability)
  • AI වල උදවුවෙන් කරන demand-forecasting සහ load balancing
  • විදුලි වාහන බැටරි ෆාම් විදිහට පාවිච්චි කිරීම
  • දේශීය විදුලි වාහන නිෂ්පාදනය
  • ගෑස් ලිප වෙනුවට විදුලි උදුන් පාවිච්චිය
  • ගෘහ කර්මාන්තයක් ලෙස වාහන charge කිරීම
  • විදුලි මෝටර් සයිකල් වලට සහ ත්‍රීරෝද රථ වලට charge කරපු බැටරි මාරුකරන මධ්‍යස්ථාන පිහිටුවීම
ජනප්‍රිය පුවත්  ටිංටිංන්ගේ කතා වස්තුව - පළමු කොටස

– සූර්ය කෝෂයෙන් කෙලින්ම වැඩකරන (DC) විදුලි උදුන් නිපදවීම දැන්ම අපේ මිනිස්සු පටන් ගත යුතුයි

රාත්‍රියට එන අභියෝගයට:

  • Biomass බලාගාර (විශේෂයෙන් විශාල කර්මාන්තශාලා වලට )
  • කුඩාජලවිදුලි බලාගාර
  • සුළං බලාගාර
  • බැටරි
  • ඉහලට පොම්පකල ජලය
    වගේ ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්.
    පුනර්ජනනීය බලයෙන් විදුලි වාහන දිවීම ලාභදායී වෙනකොට ඉබේටම රටේ වාහන වලට පාවිච්චි වන පොසිල ඉන්ධන භාවිතයත් පහලට යා යුතුයි
    මේ රටේ මේ තාක්ෂනයට අවශ්ය දේ නිර්මාණය කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
    ඔවුන් වැඩ පටන් ගත යුතුයි.
    විදුලි වාහන වලින් ඉවත්කරන බැටරි වලින් සූර්ය බල පද්ධති හදන දේශීය වැඩ්ඩෝ දැනටම වැඩ පටන් අරන්.
    අභියෝග සහිත අමාරු කාල වල තමයි රටවල් වල මිනිසුන්ගේ නිර්මාණ එලියට එන්නේ..
    කලුසුද්දන්ගේ මිත්‍යා මතවලින් රැවටෙන එක නවත්තමු.
    ගොබ්බයො වගේ වෙන රටවල් වලට වහල් වෙලා ඉන්න අවශ්‍ය නැති බව තෙරුම් ගනිමු..
    මතක තබාගනිමු – බලශක්ති ආරක්ෂාව තමයි #1.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x