April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බල ගැටුම කරළියට!

1 min read

පසුගිය 01වැනිදා අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවසේ පැවති ආගමික කටයුත්ත සඳහා ජ.වි.පෙ. ඉහළ නායකත්වයෙන් සහභාගී වී සිටියේ ජනාධිපති අනුර කුමාර සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පමණි. මෙම අවස්ථාවට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෝ සභානායක, බිමල් රත්නායක වැනි පක්ෂයේ නායකයන් සහභාගී වී සිටියේ නැත. මේ පිළිබඳ අප කළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වූයේ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන බෙදීම මීට හේතු වී ඇති බවය.

ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය තුළ බිමල් රත්නායක නියෝජනය කරනුයේ බොහෝ විට ටිල්වින් සිල්වා දරන අදහස ය. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පිළිබඳ ප්‍රශ්නයේදී බිමල් දේශපාලන මණ්ඩලය තුළ ඔහුව අමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතුය යන මතය දරද්දී, එම මතයට එරෙහිව ජනාධිපතිවරයාගේ මතය නියෝජනය කරමින් ප්‍රබලව කරුණු දක්වා ඇත්තේ, අමාත්‍ය ලාල් කාන්ත ය. ලාල් කාන්තගේ මතය වී ඇත්තේ, එල්ල වෙන චෝදනාවන්ට අනුව ඇමතිවරු ඉවත් විය යුතු යැයි තීරණය කළහොත් දිනපතා ඇමතිවරුන්ට ඉවත් වීමට සිදුවනු ඇති බවය.

අදාළ මත ගැටුමේ දී ජනාධිපතිවරයාගේ සහායට ප්‍රබලව පෙනී සිට ඇත්තේ ලාල් කාන්ත ය. මේ හේතුව මත ටිල්වින් මෙන්ම බිමල් ඇතුළු ජ.වි.පෙ. ප්‍රධානීන් හා අනුර, ලාල් කාන්ත කණ්ඩායම අතර සබඳතාවය පළුදු වී තිබේ. ටිල්වින් – බිමල් පාර්ශ්වය ලාල් කාන්ත අනුර පාර්ශවයේ හවුල්කරුවෙකු ලෙස හඳුන්වා ඔහු බැහැර කරන සුළු ප්‍රතිපත්තියක පිහිටා මේ වන විට කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වී තිබේ.

ජනප්‍රිය පුවත්  අනුරගේ කතාවෙන් ඇමරිකාව ගිනි ගනී! තානාපති කැඳවා ප්‍රශ්න කරයි!

ගල් අඟුරු වංචාවේ බලපෑම මත, විදුලිය ගාස්තු ඉහළ දැමීමටත්, විදුලිය බෙදා හැරීම කප්පාදු කිරීමටත් සිදුවීම මගින් ආණ්ඩුව බලවත් අවදානමකට ලක්වන බව බිමල් රත්නායකලාගේ මතය වී ඇත. එහෙත් ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ මතයට සහාය දක්වන පිරිස එම මතය පිළිගෙන නැත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියනම් මීට සහභාගි වී ඇත්තේ අමාත්‍ය ලාල් කාන්ත සමඟ ඇති පෞද්ගලික හිතවත්කම නිසා බව පැවසේ

රචිත සේනාරත්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x