June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ යාලුකම දිගුකල් දිනේවා!

1 min read

යාලුවෝ හැම තැනම නැත. යාලුවෝ හැම විටම නැත. නියම යාලුවන්ව අප කුඩා කළ හැඳින්වූයේ අඹ යාලුවෝ කියාය. අඹ යාලුවෝ කබ කඩන්නේ නැත.

මේ ඉන්නේ අපේ කාලයේ අප අබියස වන පට්ට යාලුවෝ දෙන්නය. දෙන්නාම අනුරලා ය. ඒ අනුර මේ අනුරට ලල්ය.! මේ අනුර ඒ අනුරට ලල්ය. ඒ හින්දා රටේ ජනතාව වන අපට ලලේ ලල් ය.!

විධායක අනුර තම ගජ මිතුරු අනුරව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආවේය. ඇමති මණ්ඩලය තෝරාපත් කරන විට රටේ පවත්නා ප්‍රබලම ඇමතිධුරයක් වූ විදුලිය බල හා බලශක්ති අමාත්‍ය ධුරය ද තම යාලු අනුරට, විධායක අනුර පිළිගැන්වූයේ ය. එහෙව් යාලුවෝ ලැබීම කුමන වාසනාවක් ද?

විධායක අනුර, තම යාලු අනුරව බලශක්තිය ඇමති කළේ තමන් කෘෂිකර්ම ඇමති කාලේ පොහොර සංස්ථාවට බඳවාගත් අනුර ගහපු මාටියා පාර ගැනද නොදැන නොවේ ය. විදුලිය බලයෙන් මාටියා ගැසිය නොහැකි බව විධායක අනුර හොඳටම දන්නේ ය.! ඒ, එසේ කරන්නට ගියහොත් කරන්ට් වැදෙන හන්දා ය. විධායක අනුර ඇමති අනුර කෙරෙහි තබන ලද විශ්වාසය එලෙසින්ම රකිමින් ඇමති අනුර කළේ ගල් අඟුරු වලින් මාටියා ගැසීම ය.! ඒ මාටියා ගැසීමේ අපට අයත් කොටසේ පළමු වාරිකය දැන් හිමි වී ඇත. ඒ අද ( 30) මධ්‍යම රාත්‍රියේ සිට පොදුවේ 13% පමණ අනුපාතයකින් විදුලිය ගාස්තු ඉහළ දැමීමෙන් ය.! සතුට ඵල කිරීම සඳහා අත්පොළසන් නගන්න ප්‍රමාද නොවන්න.!

ජනප්‍රිය පුවත්  පින්ටෝ අනතුරුදායකයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න!

ලංකාවට ගල් අඟුරු ආවේ හෝමූස් හරහා නොවේ. ඒ යුද්ධයට මේ ගල් අඟුරු වල සම්බන්ධයක් නැත. Spot ඩෙන්ඩරය ද ගත්තේ ධම්මික පෙරේරාගේ දේශීය සමාගමක් ලෙස පෙනුනත්, ඒ ලබාගෙන ඇත්තේ බාල ගල් අඟරු ගෙන එන ලද සමාගමම ය. ඉතින් අපි විදුලිය පිරිමැසිය යුතුය.! විදුලිය බිල වැඩි කළ විට පහන් සිතින් එය භාරගත යුතුය. අනුරලා ඩබලගේ යාලුකමට පුංචි හෝ අගතියක් වනු දැකීම අපට අකැපය! එබැවින් ඒ යාලුකමේ නාමෙන් ඕන කට්ටක් කෑමට අපට හැකි විය යුතුය.!

සාම්පූර් බලාගාරය නතර කළේ ද විපක්ෂයේ සිටි අනුරාලාම ය. එහෙත් අනුරවාදය අනුව ඒ අනුර කළ වැරදිවලට මේ අනුර වගකිවයුතු නැත. මේ අනුර වගකිය යුතු වන්නේ ජනාධිපති අනුර ලෙස කරනු ලබන වැරදි වලට ය. අනුර සහෝදරයා කියනවා නම් අප ඉතින් ඒවා පිළිගත යුතුම ය.

විදුලිය බල අනුර ජ.වි.පෙ. ගමේ කමිටුවකවත් සිටි අයකු නොවේ. එදා පටන් දර දිය ඇද්ද නිපුනාරච්චිලා නිකම්ම නිකන් මංත්‍රී පාපිසි වන විට, කුමාර ජයකොඩි ඇමතිධුර ලබන්නේ යාලුකමේ ෆිට් එකට ය. අපට වැදගත් විදුලිය බිල ඉහළ යාම නොවේ.! විදුලිය කැපීම ද නොවේ.! දාඩිය දැමීම ද නොවේ.! අපට වැදගත් මේ පරමාදර්ශී යාලුකම පැවතීම ය. ඒ යාලුකම දෙස බලා සතුටු වන්නට බැරි හිත් මක්කට ද?

ජනප්‍රිය පුවත්  මරු සහ මරේ මරු!

ටිල්වින්ලා, බිමල්ලා මෙපමණ වාසනාවන්ත නැත.! මෙහෙම යාලුකම් ලැබීමට සසරේ පින් කර තිබිය යුතුය.! ඒ පව්කාරයන් කරන තරමක් කර ඇත්තේ පව්ය.! ජනාධිපති අනුර එසේ නොවේ. ඔහු සසරේ කරන තරමක් කර ඇත්තේ පින්ම ය.! මේ යාලුකමද ඒ පින් බලයෙන්ම පවතින්නක් ය. ප්‍රමිෂ්කා නංගිටවත් මේ යාලුකමට අත තබන්නට හැකියාවක් නැත්තේ ඒ නිසා ය.

මෙබදු යාලුකමක් ලබන ආත්මයේ හෝ ලැබීමට ඔබ කළ යුත්තේ කුමක්ද? අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි! ඔබ කළ යුත්තේ සවස 6 සිට රෑ 10 දක්වා විදුලිය අක්‍රීය කර, නිවසෙන් එලියට වී අහස දෙස බලා මුළු පැය 4 පුරාම මුන්ට හෙන ඉල්ලීම ය! ප්‍රතිඵල නියතය!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x