April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වවුනතිව් පොලිස් නිලධාරි ඝාතනය කොටි ගිණුමට බැර කළේ බංකු බංකු ද?

1 min read

සහරාන්ලා විසින් වවුනතිව් ප්‍රදේශයේ දී මරා දැමුණු පොලිස් නිලධාරීන් පිළිබඳ සිදුවීම එල්ටීටීඊ ය විසින් සිදු කරන ලද්දේය යන ප්‍රබන්ධය නිර්මාණය කළේ එවකට යුද හමුදාවේ වවුනතිව් ආඥාපති ලෙස කටයුතු කළ වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ද යන සැකය මේ වන විට ප්‍රබලව මතුව තිබේ.

මෙම තොරතුරු වෙනස් කිරීම සිදුකර ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ යැයි හුවා දැක්වීමට රහස් පොලිසිය උත්සාහ දරන්නේ, අරුණ ජයසේකර සමග එක්ව අදාළ සිදුවීම කොටි සංවිධානයට බැර කර සහරාන්ලා සැඟවීමට රහස් පොලිසියේ එකල ප්‍රධානීන් ක්‍රියා කළ නිසා ද යන සැකය ඒ අනුව මතුව තිබේ.

වවුනතිව් සිදුවීම පිළිබඳ සත්‍ය නියමිත පරිදි අනාවරණය වූයේ නම්, සහරාන්ලා නීතියේ දැලට කොටුවන්නේ එදා ය. එසේ වූයේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් සිදු කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වන්නට ඉඩ තිබුණි.

මෙම සිදුවීම වූ කාලය තුළ බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ චූලා කොඩිතුවක්කු ය. හමුදාපති වූයේ මහේෂ් සේනානායක ය. වවුනතින් ආඥාපති අරුණු ජයසේකර ය. එහි හමුදා බුද්ධි නිලධාරී කැලුම් මද්දුමගේ ය. බුද්ධි ප්‍රධානියා වූයේ නිලන්ත ජයවර්ධන ය. CID අධ්‍යක්ෂක ලෙස ක්‍රියා කළේ රවී සෙනෙවිරත්න (වර්තමාන අමාත්‍යංශ ලේකම්) වන අතර ශානි අබේසේකර සිටියේ ද CID ප්‍රධානියකු ලෙස ය. පොලිස්පති ලෙස කටයුතු කළේ පූජිත ජයසුන්දර ය.

ජනප්‍රිය පුවත්  රනිල් - සජිත් එක්වේ!

බුද්ධි අංශ විසින් සිදු කරනුයේ සිදුවීමට නියමිත තත්ත්වයක් පිළිබඳ කල්තබා පෙන්වාදීම ය. යම් සිදුවීමක් වූ පසු ඒ ගැන පරීක්ෂණ කරනුයේ පොලිසිය විසිණි. මෙම සිදුවීම වන කාලයේ සුරේෂ් සලේ සිටියේ ඉන්දියාවේ ආරක්ෂක පාසලේ ප්‍රාඨමාලාවක් හදාරමින්ය.

ඒ අනුව පැහැදිලි වන්නේ අරණ ජයසේකරලා, ශානි අබේසේකරලා හා රවි සෙනෙවිරත්න ලා විසින් සහරාන්ලා බේරා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබුණු බවය.

ප්‍රීති ජයවර්ධන

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x