April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොහොර හිඟයක් ! ඇණවුම් ප්‍රතික්ෂේප වෙයි!

1 min read

පවතින ගෝලීය යුද වාතාවරණය හමුවේ මෙරට කෘෂිකර්මාන්තයට අවශ්‍ය යූරියා පොහොර සැපයුම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මේ වසරේ මුල් මාස හය තුළ මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ පොහොර හිඟයක් ඇතිවිය හැකි බවත් කෘෂි විද්‍යාඥ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අනතුරු අඟවයි.

2026 වසරේ යල කන්නය ද ඇතුළුව මුල් මාස හයක කාලය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු, පලතුරු, තේ සහ පොල් යන වගාවන් සඳහා යූරියා මෙට්‍රික් ටොන් 216,300ක පමණ අවශ්‍යතාවක් පවතී.

කෙසේ වෙතත්, මේ වසරේ මාර්තු මස පළමු වන දින වන විට මෙරට සතුව පැවතියේ යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පමණක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ යූරියා අවශ්‍යතාවෙන් 53%ක් පමණ සපයන චීනය, පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගෙන කෘෂිකාර්මික යෙදවුම් අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් ඇණවුම් කර තිබූ යූරියා මෙට්‍රික් ටොන් 77,000න් 50%ක්ම ප්‍රතික්ෂේප වී ඇති අතර, ඉන් මෙට්‍රික් ටොන් 16,000 – 20,000ක ප්‍රමාණයක් අප්‍රේල් මස වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනප්‍රිය පුවත්  අපි ජීවත් වෙන්නේ අනුන්ගෙන්! අපේ සල්ලි අපට! - මනුවර්ණ

පවතින නයිට්‍රජන් පෝෂක හිඟය හමුවේ සියලු භෝගයන්හි අස්වැන්න අඩු විය හැකි බව පවසන මහාචාර්යවරයා, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රධාන ආහාර භෝගය වන වී, සත්ව ආහාර භෝගය වන බඩ ඉරිඟු සහ ප්‍රධාන අපනයන භෝගය වන තේ සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් පොහොර බෙදාහැරීම කළමනාකරණය කිරීම, ඉදිරි මාස දෙක තුනකට අවශ්‍ය පොහොර තොග කල්තියා රැස් කරන ලෙස පොහොර ගෙන්වන සමාගම්වලට අනිවාර්ය නියෝග නිකුත් කිරීම ක්‍රියාමාර්ග යෝජනා කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x