June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගැසොලින් අපනයනය තහනම්!

1 min read

අප්‍රේල් පලමුවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාවේ නිෂ්පාදිත ගැසොලින් (පෙට්‍රල්) අපනයනය කිරීම මාස 3කට සපුරා තහනම් කර තිබේ. ජනාධිපති පුටීන්ගේ පාලනය විසින් ගෙන තිබෙන මෙම තීරණය වලංගු වන්නේ ජූලි 01 වැනිදා තෙක් ය.

රුසියාවේ නිපදවන ගැසොලින් වැඩිපුර මිලදී ගන්නේ තුර්කිය, සිංගප්පූරුව, බ්‍රසීලය, චීනය වැනි රටවල් ය. තුර්කිය රුසියාවෙන් මිලදී ගන්නා ගැසොලින් යුරෝපා වෙළඳපොළට ප්‍රති අපනයනය කරන රටකි.

ගැසොලින් නිපදවීමේ අනෙක් ප්‍රධාන රටවල් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා සෞදි අරාබිය ද වර්ධනය වී ඇති යුදමය අවධානම හේතු කොටගෙන සිය නිෂ්පාදන කටයුතු නතර කර ඇත. මෙම කරුණු හේතු කොටගෙන විශේෂයෙන්ම යුරෝපය බලවත් ගැසොලින් අර්බුදයකට ගොදුරු විය හැකිව තිබේ.

ශ්‍රී ලංකාව, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, කාම්බෝජය ආදී රටවල් සිය ගැසොලින් මිලදී ගැනීම සිදුකරන්නේ සිංගප්පූරු වෙළඳපොලෙනි. සිංගප්පූරුව රුසියාවෙන් විශාල ලෙස ගැසොලින් මිලදී ගෙන ඒවා ප්‍රති අපනයනය කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකාව නව සැපයුම්කරුවන් සොයා ගත නොගතහොත් ගැසොලින් රහිත ඉරණමකට ඇද වැටීමේ අවධානම උග්‍ර වී තිබේ.

ජනප්‍රිය පුවත්  ඊළඟට ගෝඨා!

රුසියාව ගන්නා ලද මෙම තීරණයත් සමඟ ඉරානයට එරෙහි ආක්‍රමණකාරී යුද්ධයට එරෙහිව ලොව පුරා බලවත් ජනමතයක් හා ක්‍රියාකාරීත්වයක් උද්ගත වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සමන් වීරවර්ධන

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x