April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චමින්ද කුලරත්න නඩුව පාරාවළල්ලක් වෙයි! නීතිපති කතානායක වෙනුවෙන් පෙනී නොසිටියි!

1 min read

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් අද (27) නීතිපතිවරයා පෙනී නොසිටි අතර කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබු අවස්ථාවේදී කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අද අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවය. ඒ අනුව කථානායකවරයා වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ කනගීස්වරන් අධිකරණයට දැනුම්දුනි.

ජනප්‍රිය පුවත්  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට!

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටය. ඒ අනුව පෙත්සමට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශ්වයට නියම කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x