April 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු රැප් ගායක ෂා දිවුරුම් දෙයි!

1 min read


පසුගිය වසරේ තරුණයන්ගේ මූලිකත්වයෙන් ඇති වූ විරෝධතාවලින් අනතුරුව නේපාලයේ පැවැත්වුණු පළමු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්, දේශපාලනඥයෙකු බවට පත් වූ රැප් ගායක බාලේන්ද්‍ර ෂා (Balendra Shah) එරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

35 හැවිරිදි ඔහුගේ මෙම නැගී සිටීම නේපාල දේශපාලනයේ වැදගත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ.

දූෂණය, නෑදෑ හිතමිතුරන්ට සැලකීම සහ ප්‍රහූ පාලනය කෙරෙහි දැඩි කලකිරීමෙන් සිටි ඡන්දදායකයන් අතර ඔහුගේ වෙනසක් සඳහා වූ පොරොන්දුව දැඩි ලෙස ව්‍යාප්ත වුණා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි, සිය ධුරයේ වැඩ භාර ගැනීමට පෙර, “බාලෙන්” යන නාමයෙන් ජනප්‍රිය ෂා, නේපාලයේ අනාගතය පිළිබඳ සුබවාදී හැඟීම් ඇතුළත් ගීතයක් නිකුත් කර තිබෙනවා.

“නොබෙදුණු නේපාල වැසියනි, මෙවර ඉතිහාසය නිර්මාණය වෙමින් පවතිනවා,” යනුවෙන් ඔහු එම ගීතය හරහා පවසන අතර, එය නිකුත් වී පැය කිහිපයක් ඇතුළත මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබූ බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ.

කත්මණ්ඩු අගනුවර නගරාධිපති ලෙස වසර තුනක් පමණක් කටයුතු කිරීමෙන් පසු, ෂා ‘රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය’ (Rastriya Swatantra Party – RSP) සමග එක්ව එහි අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අතර, මෙම මාසයේ පැවැත්ති මහ මැතිවරණයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගත්තා.

ජනප්‍රිය පුවත්  කුමාර ජයකොඩි කැට තියා කියූ සාක්ෂි නොමැති චෝදනාවට මෙන්න පිළිතුරු

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x