April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග සාකච්ඡා! අමෙරිකාවෙන් ජේ.ඩී. වෑන්ස්, සහ මාර්කෝ රුබියෝ!

1 min read

අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ තවත් පිරිසක් ඉරානය සමග සාකච්ඡාවලට නායකත්වය දෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීමේ බලාපොරොත්තුවක් පවතින බවයි.

“අපි මේ මොහොතේ සාකච්ඡා පවත්වමින් ඉන්නවා. මාර්කෝ, ජේ.ඩී. සහ තවත් පිරිසක් එකතු වෙලා ඒ කටයුත්ත කරගෙන යනවා. අනෙක් පාර්ශවය (ඉරානය) ගිවිසුමකට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම කවුද අකමැති? ඔබ එහි සිටියා නම් බලන්න, ඔවුන්ගේ නාවික හමුදාව විනාශ වෙලා, ගුවන් හමුදාව විනාශ වෙලා, සන්නිවේදන පද්ධති අඩපණ වෙලා. ඒක තමයි ලොකුම ගැටලුව.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී තමන්ට “සටන් විරාමයක් අවශ්‍ය නැති” බව පවසා සිටි ජනාධිපතිවරයා, දැන් එම තීරණය වෙනස් කළේ ඇයිදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, “කාරණය තමයි ඔවුන් අප සමග කතා කරනවා, ඒ වගේම ඔවුන් දැන් බුද්ධිමත්ව කතා කරනවා.” යනුවෙන්.

“මතක තබා ගන්න, මම ඊයේ කිව්වා වගේම මේ හැම දෙයක්ම ආරම්භ වෙන්නේ ඔවුන්ට න්‍යෂ්ටික අවි තිබිය නොහැකියි කියන පදනම මතයි. මම කිව්ව පළවෙනි, දෙවැනි සහ තුන්වැනි කාරණය තමයි ඔවුන්ට න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බව. ඔවුන්ට කිසිසේත්ම න්‍යෂ්ටික අවි ලැබෙන්නේ නැහැ. අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. මම කලින්ම කියන්න කැමති නැහැ, නමුත් ඔවුන් කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට එකඟ වී තිබෙනවා.” යනුවෙන් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජනප්‍රිය පුවත්  IOC, Cinopec, RM Park සමාගම් තුනම ඉන්ධන සැපයුම සීමා කරයි!

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x