April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හදිසි මිලදී ගැනීමේ ගල් අඟුරු ටෙන්ඩරයෙන් මෙ.ටොන් 1කට ඩොලර් 30 ක් වැඩිපුර ගෙවන්න වෙලා! – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

1 min read

හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වන ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා සාමාන්‍ය මිලට වඩා ඩොලර් 30ක අතිරේක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බවත්, මෙය ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම දූෂණය, නාස්තිය සහ වංචාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අවශ්‍ය ගල් අඟුරු තොග නිසි කලට ලබා ගැනීමට නොහැකි වීම නිසා ඇති වූ ප්‍රමාදය හේතුවෙන් හදිසි ප්‍රසම්පාදනයක් යටතේ නැව් පහක් ගෙන්වීමට පියවර ගෙන ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“දැන් නැව් පහක් ගේනවලු. එක නැවකට එක මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 30ක් වැඩියෙන් ගේන්න වෙලා තියෙනවා. විදුලිබල මණ්ඩලයට මේක දරාගන්න පුළුවන්ද? එක්කෝ කරන්ට් කපන්න ඕන නැත්නම් ගාන වැඩි කරන්න ඕන. අපි කරන්ට් කපන්න කිසිසේත්ම ප්‍රාර්ථනා කරන්නේ නැහැ”.

මෙම ගල් අඟුරු නැව් පහේ සැපයුම් කොන්ත්‍රාත්තුව හේලීස් (Hayleys) සමාගම විසින් දිනාගෙන ඇති බවත්, එම සමාගම තම සන්නාම නාමය රැකගැනීම සඳහා ගුණාත්මක තත්ත්වයෙන් යුතු ගල් අඟුරු ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ජනප්‍රිය පුවත්  රුසියාව, චීනය සහ ඉරානය පවතින තාක් ට්‍රම්ප්ට රඟපාන්න බෑ - පුටින්ගෙන් දැඩි ප්‍රහාරයක්!

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය පිටුපස ඇති දූෂණය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ මරික්කාර් මහතා, මෙම ගනුදෙනු සම්බන්ධයෙන් අනාගතයේදී වගකිවයුත්තන්ට නඩු වැටෙනු ඇති බවටද අනතුරු ඇඟවීමක් කළේය.

ඇතැම් ඇමතිවරුන් දැන් හෝ මෙහි ඇති සැබෑ තත්ත්වය තේරුම් ගෙන සිටියද, බොහෝ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව කතා කිරීමට නොහැකි වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x