නුවරඑළිය සියලුම රජයේ පාසල් හෙට වසා තැබීමට තීරණය කරයි
1 min read
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දිනයේ වසා තැබීමට තීරණය කර ඇති බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාප සඳහා හෙට දිනයේ නිවාඩුවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව නුවරඑළිය, හැටන්, වලපනේ, කොත්මලේ සහ හගුරන්කෙත යන අධ්‍යාපන කලාපවල සියලුම රජයේ පාසල් සඳහා මෙම නිවාඩුව ක්‍රියාත්මක වන බව D.M.S.D. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික පාසල්ද හෙට (04) දිනයේ වසා තැබෙන බව ද වාර්තා වේ.
