June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චම්පික, G.L., මිලින්ද හවුලක්! පිටපත ඇමරිකාවෙන්!

1 min read

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස පාඨලී චම්පික රණවක ඉදිරිපත් කිරීමටත්, ඔහුගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලබන පාලනයක අග්‍රාමාත්‍ය තනතුර ජී.එල්. පීරිස් වෙත ලබාදීමටත් විදේශ අමාත්‍ය ධූරය සඳහා මිලින්ද මොරගොඩ යොදා ගැනීමටත් එකඟව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ වී තිබේ.

මාර්තු 17 වැනි දා හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ පෞද්ගලික නිවසේ දී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවට එ.ජා.ප.ය වෙනුවෙන් සාගල රත්නායක, චම්පික රණවක, පොහොට්ටුව වෙනුවෙන් සාගර කාරියවසම්, මනෝ ගනේෂන්, ප්‍රේමනාත් දොළවත්ත, ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ. වර්ධනය වන දේශපාලන තත්ත්වය හමුවේ ක්‍රියා කළ යුතු අන්දම මෙහිදී සාකච්ඡා කර ඇතත්, එම හමුව අවසානයේ දී චම්පික රණවක, ජී.එල්. පීරිස් වෙනම සාකච්ඡා පවත්වා තිබේ.

අපගේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙය ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය මත දියත් කර ඇති දේශපාලන ව්‍යාපෘතියක් බවයි.

ජනාධිපති අනුර කුමාරගේ පාලනය පිළිබඳව එක්සත් ජනපදය ඉහළින් සතුටට පත්ව ඇති මුත්, යම් හෙයකින් ඔහුට බලය අහිමිවන තත්ත්වයක් උද්ගත වුවහොත් බලයට ගෙනා ආ යුත්තේ ද තමන්ට අවනත දේශපාලන කණ්ඩායමක් බව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මතය වී තිබේ. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන ඇත්තේ චම්පික රණවක ය. මේ සඳහා විපක්ෂයේ පක්ෂ ඒකරාශි කිරීම පවරා ඇත්තේ ජී.එල්. පීරිස්ට ය.

ජනප්‍රිය පුවත්  ආපදා අස්සේ ජ.වි.පෙ.ට තවත් ආපදාවක්! ලාල් - හරිනි හුටපටයක්!

රවී ජයසිංහ

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x