ලෝකයේ සල්ලි හුවමාරු වෙන අලුත්ම රහස් ජාලය! ඇමරිකාවේ SWIFT ක්‍රමයට චීනය ගහපු මාරාන්තික ගේම!
1 min read
ඔබ හිතන්නේ ඇමරිකාවේ තියෙන භයානක එකම ආයුධය ඔවුන්ගේ න්‍යෂ්ටික බෝම්බ කියලද? නැහැ! ඇමරිකාව මුළු ලෝකයම බය කරගෙන, පාලනය කරගෙන ඉන්න ඔවුන්ගේ සැබෑම සුපිරි ආයුධයක් තමයි “SWIFT” (ස්විෆ්ට්) පද්ධතිය.
ලෝකයේ රටවල් අතර සල්ලි යවන්නේ මේ SWIFT කියන ජාත්‍යන්තර බැංකු ජාලය හරහායි.
හැබැයි මේ මොහොතේ, චීනය සහ BRICS රටවල් එකතුවෙලා ඇමරිකාවට පාලනය කරන්න බැරි, ඔවුන්ගේ ඔත්තු සේවා වලට අහුවෙන්නේ නැති අලුත්ම “රහස් බැංකු ජාලයක්” නිර්මාණය කරලා ඉවරයි කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? “mBridge” (එම්-බ්‍රිජ්) නමින් හැඳින්වෙන, ලෝක ආර්ථිකය සදහටම කණපිට හරවන මේ අලුත්ම චීන මෙහෙයුම ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු වැදගත් කරුණු 5ක් මෙන්න
- ඇමරිකාවේ මූල්‍ය න්‍යෂ්ටික අවිය (The Financial Nuke)
SWIFT පද්ධතියේ පාලනය තියෙන්නේ ඇමරිකාව සහ යුරෝපය අතේ. රටක් ඇමරිකාවට අකීකරු වුණොත්, ඇමරිකාව කරන්නේ ඒ රටව SWIFT එකෙන් කපලා දාන එකයි. රුසියාව යුක්‍රේනයට ගැහුවාම රුසියාවට කළෙත් ඒකයි. SWIFT එකෙන් කැපුවා කියන්නේ, ඒ රටට පිටරටකට සත පහක් යවන්නවත්, පිටරටකින් තෙල් ටිකක් ගේන්න සල්ලි ගෙවන්නවත් බැරි වෙනවා. මුළු රටේම ආර්ථිකය දවසෙන් අඩපණ වෙනවා. මේක හරියට ආර්ථික න්‍යෂ්ටික බෝම්බයක් (Financial Nuke) වගේ. චීනය තේරුම් ගත්තා අද රුසියාවට වුණු දේ හෙට චීනයටත් වෙන්න පුළුවන් බව.
@ 2. චීනය හැදූ රහස් උමඟ: ‘mBridge’ ව්‍යාපෘතිය
ඇමරිකාවේ මේ තර්ජනයෙන් බේරෙන්න චීනය, හොංකොං, තායිලන්තය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) එකතුවෙලා හදපු අලුත්ම ඩිජිටල් මුදල් ජාලය තමයි “mBridge”. මේක දුවන්නේ Blockchain තාක්ෂණයෙන්. මේ ක්‍රමයට ඇමරිකන් බැංකු හරහා යන්න ඕනේ නැහැ, ඇමරිකානු ඩොලරය පාවිච්චි කරන්න ඕනෙත් නැහැ. තත්පර කිහිපයක් ඇතුළත එක රටක ඉඳන් තව රටකට කෝටි ගණනක සල්ලි යවන්න මේකෙන් පුළුවන්. මේක හරියට ඇමරිකාවට හොරෙන් ලෝකේ වටේම සල්ලි අරන් යන්න හදපු “ඩිජිටල් රහස් උමඟක් ” වගේ වැඩක්!
- “අතරමැදියා ” ඉවත් කිරීම (Killing the Middleman)
ඉස්සර ලංකාවෙන් ඩුබායි වලට හරි තායිලන්තයට හරි සල්ලි යවද්දී, අපේ රුපියල් මුලින්ම ඇමරිකන් ඩොලර් වලට හරවලා, ඇමරිකාවේ තියෙන බැංකුවක් (Correspondent Bank) හරහා ගිහින් තමයි අදාළ රටට යන්නේ. මේ මැද ඉන්න ඇමරිකන් බැංකුව ඒකට ලොකු කොමිස් එකකුත් කපාගන්නවා. හැබැයි mBridge හරහා ගියාම, මේ ඇමරිකන් බැංකු මැදමැදියාව සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. රටවල් වලට කෙලින්ම තමන්ගේ දේශීය මුදල් වලින් (Yuan, Dirham, Baht) ගනුදෙනු කරන්න පුළුවන්. ඩොලරයට තියෙන ඉල්ලුම මේකෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා.
- ඇමරිකානු සම්බාධක අඩපණ වීම (The End of US Sanctions)
ඇමරිකාවේ ලොකුම බය මොකක්ද දන්නවාද? මේ mBridge ජාලය ඇතුළේ වෙන ගනුදෙනු ඇමරිකානු ඔත්තු සේවා වලටවත්, CIA එකටවත් ට්‍රැක් (Track) කරන්න බැහැ. ඒ කියන්නේ ඇමරිකාව ඉරානයට හරි රුසියාවට හරි සම්බාධක දැම්මත්, ඒ රටවලට පුළුවන් කිසිම අවුලක් නැතුව චීනය සහ අරාබි රටවල් එක්ක mBridge හරහා සල්ලි ගනුදෙනු කරන්න. ඇමරිකාව දශක ගණනාවක් තිස්සේ පාවිච්චි කරපු “සම්බාධක” (Sanctions) කියන බිය ගැන්වීමේ ආයුධය මේකෙන් සදහටම කුණු කූඩයට යනවා.
- ලෝක ආර්ථිකය දෙකඩ වීම සහ ලංකාවට වෙන දේ
දැන් ලෝකේ සල්ලි යවන ක්‍රම දෙකක් හැදෙමින් පවතිනවා. එකක් ඇමරිකාව පාලනය කරන පරණ SWIFT ක්‍රමය, අනික චීනය පාලනය කරන අලුත් mBridge ක්‍රමය. මේක ලංකාව වගේ රටවලට අතිශය තීරණාත්මකයි.
