June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට!

1 min read

අද (15) දින සිට දිවයින පුරා පවතින සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන 06.00 සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇති.

පෙර ලියාපදිංචි වී සිටි සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකයින්: 2026 මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ තමන්ට හිමි කේතය භාගත කරගත හැකියි.

විස්තර වෙනස් වූ හෝ අලුතින් ලියාපදිංචි විය යුතු පාරිභෝගිකයින්: වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති පාරිභෝගිකයින් සහ මින් පෙර ලියාපදිංචි නොවූ පාරිභෝගිකයින් 2026 මාර්තු 15 උදෑසන 6.00 සිට එම වෙබ් අඩවියේ නැවත ලියාපදිංචි විය යුතු වනවා.

ඒ අනුව මෝටර් සයිකල් සඳහා ලීටර් 5ක්, මෝටර් රථ සඳහා ලීටර් 15ක් සහ ත්‍රිරෝද රථ සඳහා ලීටර් 15ක් වෑන් රථ සඳහා ලීටර 40ක්, බස් රථ සඳහා ලීටර 60ක්, ලෙස සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x