April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එයාර්බස් ගනුදෙනුවට නාමල් පටලවන්න! අල්ලස් ජනරාල්ගෙන් තර්ජන! … කපිල චන්ද්‍රසේන උසාවියට කියයි!

1 min read

ල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්ව කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨයකු පෞද්ගලිකවම බලපෑම් කර ඇති බව වාර්තා වේ.

කපිල චන්ද්‍රසේන පෞද්ගලිකව හමුවී ඇති එම නිලධාරියා මෙම එයාර් බස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ සම්බන්ධ බවට ප්‍රකාශයක් ලබා දෙන ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් කපිල චන්ද්‍රසේන මාර්තු 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) පස්වරුවේ නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන විසින් අද දින මෝසමක් මගින් තමන්ට එල්ලවූ බලපෑම් ගැන අධිකරණය හමුවේ පැවසීමට අවසර ඉල්ලා ඇත. එය පහත පරිදි වේ.

“වර්ෂ 2026 ක් වු මාර්තු මස 13 වන දින දීය
ගරු ප්‍රධාන මහේස්ත්‍රාත්තුමන් වෙත ගෞරවයෙනි.
ඉහත අංක දරන නඩුවේ 1 වන සැකකරු විසින් 2026.03.12 වන දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත සිය නීතිඥවරයා සමග ගිය බැවින්ද,

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්න! රහස් පොලීසියට අධිකරණයෙන් නියෝගයක්


ඉන් අනතුරුව එකී 1 වන සැකකරුගේ ප්‍රකාශය සටහන් කර ගන්නා අතරතුර සිය නීතිඥවරයා දිවා ආහාරය සඳහා අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවෙන් පිටවී ගොස් සිටි අවස්ථාවේ සැකකරු වෙනත් කාමරයක් තුළ සිටි අල්ලස් හා දූෂණ විමරශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මැතිතුමා හමුවට රැගෙන ගොස් ඇති බැවින්ද,


ඒ අවස්ථාවේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විවිධ බලපෑම් සිදුකරමින් බැන තර්ජනය කොට යම් යම් දේශපාලනඥයන්ට වරද පටවමින් ඔවුන්ගේ නම් එකී 1 වන සැකකරුගේ ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස දන්වා ඇති බැවින්ද,


ඉන් අනතුරුව එසේ සිදු කරන ලද බලපෑම් මත යම් යම් දේශපාලනඥයන්ගේ නම් එකී 1 වන සැකකරුගේ ප්‍රකාශයට ඇතුලත් කරන ලද හෙයින්ද,

ඉන් අනතුරුව එකී 1 වන සැකකරු 2026.03.12 වන දින රාත්‍රි 6.30 ට පමණ අත්අඩංගුවට ගෙන රාත්‍රී 9.00 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදී සිය නීතිඥවරයා 1 වන සැකකරුට ඇප ප්‍රදානය කරන ලෙසට ඉල්ලීමක්ද කරමින් ඉහත කී තර්ජනය සම්බන්ධයෙන් කරුණු දක්වා මෙම නඩුව අද දින නියමිත මහේස්ත්‍රාත්තුමන් ඉදිරියේ කැඳවන ලෙසට ඉල්ලීමක් කළද 1 වන සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරමින් නඩුව 2026.03.19 වන දිනට කැදවීමට නියම කරන ලද හෙයින්ද,

ජනප්‍රිය පුවත්  හෙද සේවයටත් ජාතිවාදය!


මේ සම්බන්ධයෙන් සවිස්තාරාත්මක කරුණු අල්ලස් නඩු සම්බන්ධයෙන් කටයුතු කරන මහේස්ත්‍රාත්තුමන්ට හැකිතාක් ඉක්මනින් සැළකිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින 1 වන සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බැවින්ද,


ඒ අනුව හැකිතාක් ඉක්මනින් එයට අවස්ථාවක් ලබා ගැනිම සඳහා ඉල්ලිමක් කිරීමට මෙම නඩුව 2026.03.13 වන දින විවෘත අධිකරණයේ කැඳවන මෙන් ගෞරවයෙන් අයැද සිටිමි.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
678win
678win
1 month ago

678win has been treating me well so far. Got a few wins under my belt there. Give them a try if you are feeling lucky at: 678win.

1
0
Would love your thoughts, please comment.x
()
x