March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මුදල් අමාත්‍යංශයෙන් නව බදු ඉහළ නැංවීමේ යෝජනා!

1 min read

මුදල් අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ බදු රාමුවට පුළුල් වෙනස්කම් සිදු කිරීම සඳහා නව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙයට ප්‍රාග්ධන ලාභ මත බදු ඉහළ නැංවීම, රඳවා ගැනීමේ බදු (withholding tax) ජාලය පුළුල් කිරීම සහ හිඟ බදු ඇති අය සඳහා එක් වරක් පමණක් ලබා දෙන සහන කාලසීමාවක් ඇතුළත්.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 24 වැනිදා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම යෝජනා බලාත්මක වන්නේ පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත සම්මත කර එය නීතියක් බවට පත් වූ පසුව පමණයි.

මෙම කෙටුම්පතෙහි ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් ලෙස ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, ඒ අනුව පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා දැනට පවතින සියයට 10 බද්ද සියයට 15 දක්වා ඉහළ යනු ඇති.

භාර (Trusts), ඒකක භාර (Unit trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා මෙම බද්ද සියයට 10 සිට සියයට 30 දක්වා විශාල ලෙස ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

ජනප්‍රිය පුවත්  ජනපති යන යන තැනට ජ.වි.පෙ. න් "ජනතාව" !

2023 මාර්තු 31 දක්වා ගෙවා නොමැති හෝ ප්‍රමාද වී ගෙවන ලද බදු සඳහා එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අවසර ලැබෙන නමුත්, මෙම සහනය ලබා ගැනීමට නම්, අදාළ මුල් බදු මුදල සහ දඩ මුදල් නව නීතිය ක්‍රියාත්මක වී මාස හයක් ඇතුළත සම්පූර්ණයෙන් පියවිය යුතුයි.

2026 අප්‍රේල් 1 සිට, ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය (SET) ගොනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ වෙනුවට, බදු ගෙවන්නන් සාමාන්‍යයෙන් පසුගිය වසරේ බදු ආදායම මත පදනම්ව වාරික ගෙවිය යුතුයි.

මෙය ලේඛන කටයුතු අවම කිරීමට සහ බදු අනුකූලතාවය සරල කිරීමට ගත් පියවරක්.

නව සේවා සපයන්නන් රැසක් සියයට 5ක රඳවා ගැනීමේ බදු ක්‍රමයට ඇතුළත් කිරීමට යෝජනා කර තිබෙනවා.

ඔවුන්ට ගෙවීම් සිදු කරන අවස්ථාවේදීම එම මුදලින් සියයට 5ක් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කෙරෙනවා.

මෙයට අලුතින් ඇතුළත් කර ඇති පිරිස අතර විගණකවරුන්, තක්සේරුකරුවන්, පුද්ගලික පුහුණුකරුවන් (Personal trainers), විනෝදාස්වාදයේ යෙදෙන්නන්, ඡායාරූප ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන්, සමාජ මාධ්‍ය විශේෂඥයින් (Social media specialists), සන්නාම තානාපතිවරුන් (Brand ambassadors) සහ ණය අයකරන්නන් ඇතුළු වෘත්තිකයන් සහ නිදහස් වෘත්තිකයන් (Freelancers) වනවා.

ජනප්‍රිය පුවත්  නිදහස් දවසට ණයට ගත් ආයුධ පෙන්නුවාට ජාතික අභිමානය ගොඩනැගෙන්නේ නෑ…! – අමාත්‍ය චන්දන අබේරත්න…

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x