ඊළඟට ගෝඨා!
1 min read
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය තීරණය කර තිබේ
එම අත්අඩංගුවට ගැනීම ඉදිරි දින කීපය තුළ දී සිදු කිරීමට නියමිතය. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව සුරේෂ් සලේගෙන ලබාගත් ප්‍රකාශ මත පදනම්ව ගෝඨාභය අත්අඩංගුවට ගන්නා ලද බව ඇඟවෙන පරිදි සිදු කිරීමට ද රහස් පොලීසියට ජනාධිපතිවරයා වෙතින් උපදෙස් ලැබී තිබේ.
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු දැනට සේවය කරන ”පාත් ෆයින්ඩර්” කාර්යාලය බලා යමින් සිටියදී ය.
“පාත් ෆයින්ඩර් ” මිලින්ද මොරගොඩ විසින් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයකින් ලැබෙන අරමුදල් මත පවත්වාගෙන යන බුද්ධි තොරතුරු ගවේෂණය හා විශ්ලේෂණයට අදාළ ආයතනයකි.
