June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන්ට පහර දුන් පිටකොටුවේ 12ක් රිමාන්ඩ්!

1 min read

පිටකොටුව වෙළෙඳ සංකීර්ණය තුළදී බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට සහ පොලිස් නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කළ බව කියන සැකකරුවන් 12 දෙනෙකු ලබන මාර්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (25) නියෝග කළේය.

සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මීට අදාළ සිද්ධිය වාර්තා වන්නේ පිටකොටුව ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටි පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදීය. එහිදී පිටකොටුවේ වෙළඳාම් කරන පිරිසක් එක්ව එම නිලධාරීන්ට පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

පිටකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 12 දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x