March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වයින් සැන්ඩි කරලා බීපු ක්‍රීඩා ඇමති !

1 min read

ඊයේ (25) පැවති ශ්‍රී ලංකාව හා නවසීලන්ත අතර වූ විස්සයි විස්ස ක්‍රිකට් තරඟය නැරඹීමට විශේෂ ප්‍රධාන කුටියට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් පැමිණ සිටිය හ. ක්‍රිකට් තරඟය අතරතුර පිටියේ කෙළවරක දෙපිරිසක් අතර ගැටුමක් සිදු ව තිබෙන බව නිරීක්ෂණය කළ තුය්යකොන්තා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇති අතර එම උත්සාහය අසාර්ථක වී ඇත. පසුව ඔහු එම නියෝජ්‍ය පොලිස්පතිවරයාට ”හොඳ පාඩමක් උගන්නන” බව අසල සිටි පිරිසට පවසා ඇත.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රභූ කුටියට යාබදව තිබූ මත්පැන් සහිත ස්ථානයට ගොස් වයින් වීදුරුවක් ගෙන තිබේ. අසල සිටි අය මවිත කරවමින් ඔහුට අඩක් පුරවාගත් වයින් වීදුරුවට ස්ප්‍රයිට් බෝතලය ගෙන එම බීම ප්‍රමාණයක්ද එකතු කරගෙන ඇත. පසුව උගුරක් පානය කර ඔහු කියා ඇත්තේ ”ක්‍රීම් සෝඩා” වැනි යැයි කියාය.

  • දුෂ්මන්ත පෙරේරා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x