March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරු සූරසේන සූරපප්පාට අදියි!

1 min read

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් මහාධිකරණ විනිසුරුවන් රැසක් කැඳවා දැනට විභාගයට ගැනෙමින් ඇති ආණ්ඩු විරෝධී විපක්ෂ දේශපාලඥයන්ට අදාළ නඩු සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පැහැදිලි කර දී තිබේ.

පසුගිය සිකුරාදා (20) සවස මෙම සාකච්ඡාව පවත්වා ඇත. එයට, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට අමතරව අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස්, අගවිනිසුරුගේ ‍ලේකම් ආනන්දි කනගරත්නම් ද සහභාගි වී තිබේ.

මොහොමඩ් මිහාල්, උදේශ් රණතුංග, ලංකා ජයරත්න, මංජුල තිලකරත්න, බුද්ධික ශ්‍රී රාගල, රශ්මි සිංගප්පූලි ඇතුළු විනිසුරුවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට අගවිනිසුරුගේ ආරාධනයෙන් සහභාගි වී තිබේ.

මෙම විනිශ්ච්‍යකාරවරුන් යටතේ පවතින විපක්ෂයේ දේශපාලනඥයන්ට අයත් සියලුම නඩුවල වාර්තා සියල්ල ලබන සඳුදා (23) දින සවස 3ට පෙර තමන් වෙත ලැබීමට සලස්වන මෙන් අගවිනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබේ.

හැකි ඉක්මනින් එම නඩු විභාග කොට අවසන් කළ යුතු බවත්, මෙම විපක්ෂ චූදිතයන් කඩිනමින් වරදකරුවන් බවට පත් කළ යුතු බවත් ප්‍රීති පද්මන් සූරසේන මෙහිදී අවධාරණය කර ඇත. එහිදී ඇතැම් විනිසුරන්, කඩිනමින් තීන්දු දීම සඳහා පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව විනිසුරුවරයා දැනුවත් කර තිබේ.

ජනප්‍රිය පුවත්  රට ඇතුළේ R.S.S. බරටම වැඩ | ලංකාවේ ලොක්කා සෙන්දිල් තොණ්ඩමන් !

මේ අතර ජනාධිපතිවරයා වක්‍ර මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත දන්වා ඇත්තේ මෙම නඩුවලට අදාළ විපක්ෂ දේශපාලනඥයන් වරදකරු බවට පත්කර දඬුවම් ලබා දුනහොත් නිසැකවම ඔහුට සේවා දිගුවක් ලබාදෙන බව ය. මෙම වසරේ නොවැම්බර් මාසයේ දී අගවිනිසුරුවරයාගේ සේවා කාලය නිමා වේ. ඔහුගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ තවත් වසර 2කට විශ්‍රාම යාමේ කාලය දිගු කර ගැනීමට ය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය උපයෝගී කරගෙන එය ඉටුකළ හැකි බව ජනාධිපතිවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ප්‍රධානියකු මගින් අගවිනිසුරුවරයාට දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාවට සහභාගි වූ ඇතැම් විනිශ්ච්‍යකාරවරුන් තම සමීපතමයන්ට මෙම තොරතුරු හෙළි කර තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ අගවිනිසුරුගේ කාලය දීර්ඝ කර ගැනීම වෙනුවෙන් ඔය විදියට තීන්දු දෙන්න ගියොත් කාලය අහිමිවනු ඇත්තේ තමන්ට බවය.

පසුගිය දා බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ජනවරම තේරුම් ගෙන කටයුතු කිරීම විනිශ්ච්‍යකාරවරුන්ගේ වගකීම වන බවයි.

දසන්ත විජේසිරි

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x