March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එන්ස්ටයින් සබඳතා හෙළිවීමෙන් පසු DP World ලොක්කා ඉල්ලා අස්වෙයි!

1 min read

ගෝලීය වරාය මෙහෙයුම් දැවැන්තයෙකු වන ඩුබායිහි DP World සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අහමඩ් බින් සුලෙයෙම් (Sultan Ahmed bin Sulayem) සිය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ. ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු වූ ජෙෆ්රි එස්ටයින් (Jeffrey Epstein) සමඟ ඔහු සමීප සබඳතා පැවැත්වූ බවට අලුතින් අනාවරණය වූ ලිපිගොනු මඟින් තහවුරු වීමත් සමඟ එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇත. මෑතකදී ප්‍රසිද්ධියට පත් කෙරුණු ලිපිගොනු පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මෙම එමිරාටි මෝගල්වරයා දශකයකට වැඩි කාලයක් පුරා එල්ස්ටයින් සමඟ ඊමේල් පණිවිඩ සිය ගණනක් හුවමාරු කරගෙන ඇති බවයි.

DP World වෙබ් අඩවියෙන් සුලෙයෙම්ගේ ඡායාරූප ඉවත් කර ඇති අතර අලුතින් සභාපති ලෙස එස්සා කාසිම් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස යුවරාජ් නාරායන් පත් කර තිබේ. හෙළි වූ තොරතුරු අනුව 2007 වසරේ සිටම මොවුන් දෙදෙනා අතර සමීප මිත්‍රත්වයක් පැවති අතර ව්‍යාපාරික අදහස්වලට අමතරව සංචාරක සැලසුම්, කාන්තාවන් පිළිබඳ සාකච්ඡා සහ විවිධ විහිළු තහළු පවා ඊමේල් හරහා හුවමාරු වී ඇත. 2013 වසරේ එක් පණිවිඩයක එල්ස්ටයින් විසින් සුලෙයෙම්ව තමන්ගේ “වඩාත්ම විශ්වාසවන්තමිතුරෙකු” ලෙස හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

ජනප්‍රිය පුවත්  බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන්ට පහර දුන් පිටකොටුවේ 12ක් රිමාන්ඩ්!

එල්ස්ටයින්ගේ මැදිහත්වීම මත සුලෙයෙම් ජාත්‍යන්තර දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් රැසක් මුණගැසී ඇති බව ද අනාවරණය වේ. බ්‍රිතාන්‍යයේ හිටපු ව්‍යාපාරික ලේකම් පීටර් මැන්ඩෙල්සන් හරහා ලන්ඩන් ගේට්වේ වරාය ගනුදෙනුව සාර්ථක කර ගැනීමට ද එල්ස්ටයින් සහාය වී ඇති බවත්, මීට අමතරව ඊශ්‍රායල හිටපු අගමැති එහුඩ් බරක් සහ ඩොනල්ඩ් ට්‍රප්ගේ උපදේශක ස්ටීව් බැනන් වැන්නවුන්ට ද ඔහුව හඳුන්වා දී ඇති බවත් සඳහන් වේ. මෙම සබඳතා හෙළි වීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු ආයෝජන අරමුදල් DP World සමඟ නව ආයෝජන අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x