March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”දින තුනක් ඇතුළත බෞද්ධ කොඩිය ඔසවනු!” ”නොමැතිනම් අප ඔසවනවා!”

1 min read

නිදහස් චතුරස්‍රය ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩිය නිදහස් දින සැමරුමට මුවා වී ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ඉවත් කර තිබෙන බවත්, එය දින 3ක් ඇතුළත නැවත තිබූ පරිදිම ඔසවා නොතැබුවහොත් මේ රටේ සාමකාමී බෞද්ධ ජනතාව සමග පැමිණ එය එසවීමට තමන් කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ අද අවධාරණය කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (05) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිණි.

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සිහිවීම පිණිස මෙම බෞද්ධ ධජය නිදහස් චතුරස්‍රය ඉදිරිපිට ඔසවන ලද්දේ 2011 වසරේ දී බව පෙන්වා දුන් විමල් වීරවංශ, එම කොඩි කණුව සහිත පාදමේ ඒ බව සටහන් කර අති බවද සඳහන් කළේය. එබැවින් එය නිකම්ම කොඩි එසවීමක් නොව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා නිමවන ලද ස්මාරකයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

පසුගිය දා මෙන්ම ඊට පෙරදී ද කාදිනල්තුමා කරන ලද ප්‍රකාශ මගින් බුදු දහමේ ඇති සහනශීලිත්වය කෙතරම් අන්‍යආගම් පැවතීමට උපකාරී වී ඇත්දැයි පැහැදිලි කර දී තිබේ. එබදු දහමක් සංකේතවත් කරන බෞද්ධ ධජය සහිත ස්මාරකයෙන් එම ධජය ගැලවීමට 2011 සිට පැවැති කිසිදු ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයකු ක්‍රියා කර නැත. වර්තමාන පාලකයා හා පාලනය බෞද්ධ විරෝධී බවත් ඒ බව සඟවා ගැනීමට ධාතු වන්දනා කළ ද එයින් ඵලක් නැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු ජ.වි.පෙ දෙදරයි !

මීට පෙර නවනීදන් පිල්ලේ (එවකට ජිනීවා මානව හිමිකම් කොමිෂමේ කොමසාරිස්) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ද මෙම බෞද්ධ ධජය පැවතීම ගැන එකල සිටි ජනාධිපතිවරයා දෝශ දර්ශනයට ලක් කළ මුත්, එම කිසිදු ජනාධිපතිවරයකු එය ඉවත් කිරීමට තීරණය කළේ නැත.

”බෞද්ධ කොඩිය ගලවලා ඒ කණුව දැන් තියෙන්නේ හිස්ව. ජනාධිපති ජාතික කොඩිය එසවූයේ ඊට මෙහායින් තියෙන කණුවක. ඇයි බෞද්ධ කොඩිය ඇලජික් ද? ඇහේ කටු ඇනෙනව ද ඒක දකින කොට? වහාම දින 3ක් ඇතුළත මේ ධජය නැවත ඔසවන්න! එසේ නොකළොත් මේ රටේ ගිහි – පැවිදි බෞද්ධයන් සමග පැමිණ අප මේ ධජය ඔසවනවා!” යැයි ද විමල් වීරවංශ ප්‍රකාශ කර සිටියේ ය.

ප්‍රදේශීය වාර්තාකරු

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
trackback

[…] ”දින තුනක් ඇතුළත බෞද්ධ කොඩිය ඔසවනු!&#8… […]

1
0
Would love your thoughts, please comment.x
()
x